( තිලකරත්න දිසානායක සහ දයාරත්න ඇඹෝගම)
රාජ්‍ය තක්සේරුකරණය දියකරහැරීමේ කුමන්ත්‍රණයට එරෙහිව බව කියමින් තක්සේරු දෙපාර්තමේන්තුවේ බටහිර උතුර පළාත් කාර්යාලයෙහි කාර්ය මණ්ඩලය ගම්පහ දුම්රියපොල ඉදිරිපිටදී සහ උතුරු මැද තක්සේරු නිලධාරිහූ අනුරාධපුර ඩි.එස්.සේනානායක වටරවුම අසලදී අද (25) එක්දින සංකේතාත්මක සත්‍යග්‍රහයක් පැවැත්වූහ.
රජයේ තක්සේරුකරුවන්ගේ සංගමයේ සමස්ත ලංකා ප්‍රධාන ලේකම් ඩී.එම්.සෙනෙවිරත්න මහතා පැවසුවේ රාජ්‍ය තක්සේරුකරණය දියකර හැරීමේ කුමන්ත්‍රණයට එරෙහිව හා තක්සේරු සේවාවේ කාර්යක්ෂමතාවය ඉහළ දැමීම පිණිස 2014.12.12 දිනැතිව අනුමත කරන ලද කාර්ය මණ්ඩලය තක්සේරු දෙපාර්තමේන්තුව තුළ ස්ථාපිත කරවා ගැනීම සඳහා රජයේ බලධාරීන් අපොහොසත් වීමට එරෙහිව මෙය පවත්වනු ලබන බවයි.
රාජ්‍ය ආයතනවල තක්සේරු කටයුතු පෞද්ගලික අංශයට ලබා දෙමින් පවතින බවත් ඊට සිය විරෝධය පළ කරන බවත් ඒ මහතා පැවසීය.
සිය සංගමය විසින් කොළඹ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අරඹා ඇති අඛණ්ඩ සත්‍යග්‍රහයට දින 65 ක් ගතවී ඇති නමුත් තම ඉල්ලීම්වලට නිසි විසදුමක් නොමැති බැවින් මෙලෙස දිවයිනෙහි ප්‍රධාන නගර හයක එක්දින සත්‍යග්‍රහ පවත්වා ඉදිරියේදී දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට යොමුවීමට සිදුවන බව ඒ මහතා කීය.
( ගම්පහ-තිලකරත්න දිසානායක)


(අනුරාධපුර-දයාරත්න ඇඹෝගම)

2025 නොවැම්බර් මස 04
724
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1752
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තක්සේරු නිලධාරීහු සත්‍රයග්‍රහයක