IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


තාක්ෂණ කාර්මික සිසුන් විරෝධයේ

(ෂේන් සෙනෙවිරත්න)

අරුප්පොළ තාක්ෂණ කාර්මික විද්‍යාලයේ අධ්‍යක්ෂකවරයාට මැර කණ්ඩායමක් පහර දීමේ සිද්ධියට නිසි විනය ක්‍රියාමාර්ග නොගත්තා යැයි පවසමින් එම කාර්මික විද්‍යාලයේ සිසු සිසුවියෝ ,ගුරුවරු ඇතුළු දහසකට අධික පිරිසක් අරුප්පොළ සිට පෙළපාලියකින් පැමිණ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට පැය දෙකකට ආසන්න කාලයක් උද්ඝෝෂණයේ නිරත වූහ.

ඔවුන් එහිදී පවසා සිටියේ අරුප්පොළ තාක්ෂණ විද්‍යාලයට අයත් ඉඩමක් පිටස්තර පිරිසක්  අත්පත් කරගෙන සිටින බවත් එම ඉඩම සම්බන්ධයෙන් ඇති වූ මතභේදයකදී තාක්ෂණ විද්‍යාලයේ අධ්‍යක්ෂකවරයාට මැර පිරිසක් විසින් පහර දී ඇති බවයි .

එම මැර පිරිසට පාදේශීය ලේකම්වරයකු ඇතුළු රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනකු සහාය දක්වන බවට විරෝධතාකරුවෝ චෝදනා කළහ.

විරෝධතාවයට එක් වී සිටි පිරිසේ කීපදෙනකු මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා හමුවී ලිපියක් භාර දීමෙන් අනතුරුව පිරිස විසිර ගියහ .



අදහස් (0)

තාක්ෂණ කාර්මික සිසුන් විරෝධයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 206 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 381 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 384 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site