අස්ගිරි පාර්ශවය හා මල්වතු පාර්ශවය ගැන යම් යම් අය කළ ප්‍රකාශ ගැන අපි කනාගාටු වනවා වගේම රජය ගැන කරන ප්‍රකාශ අපි රට බෙදනවා, රට කඩනවා උතුර වෙන් කරල දෙනවා බුද්ධාගම ඉවරයි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවෙන් බුද්ධාගමට හිමි තැන අයින් කරනවා, හමුදා කදවුරු අයින් කරනවා, මේ රට පාවලා දෙනවා යැයි කියන මේ සියලු දේ ප්‍රජාතන්වාදි රටක නිදහස් මාධ්‍ය හා අන්තර්ජාලයේ සිදුවන අයහපත් දේ ලෙස දකින බව මෛත්‍රිපාල සිරිසේන මහතා පේරාදෙණියේදී පැවැසිය.
ඡනාධිපතිවරයා මෙසේ පැවැසුයේ වරකාගොඩ ඥානරතන අස්ගිරි පාර්ශවයේ මහානායක සහ දිඹුල්කුඹුරේ විමලධම්ම මල්වතු මහාවිහාර පාර්ශවයේ අනුනායක හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පේරාදෙණිය ඊරියගම ගොඩගන්දෙණිය ඓතිහාසික කුරුකුදේ පුරාණ රජමහා විහාරස්ථානයේ ත්‍රිවිධ චෛත්‍ය සදහා මුල්ගල් තැබිම සහ විහාරයේ ධර්ම මන්දිරය විවෘත කිරීමේ උත්සවයේදීය.
‘අධි තාක්ෂණයේ අපි දකින යහපත් දේ වගේම අයහපත් දේත් තිබෙන බව ඔබ දන්නවා. මුද්‍රිත මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය අන්තර්ජාලය සමාජයට දෙන යහපත් දේ වගේම සියලු මාධ්‍යන්වල නුසුදුසු දේත් දකිනවා. චරිත ඝාතන, ආරවුල්, අසමගිකම් ඉතා අසත්‍ය බොරු ප්‍රචාර අපි දකිනවා. ඒ අකාරයට ගියාම මේ යහපත් සමාජයක් හදන්න බොහෝ සේ අසිරු වෙලා තියෙනවා‘ යැයි ද ජනපති කීය.
2025 නොවැම්බර් මස 04
657
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2329
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘තාක්ෂණයේ යහපත වගේම අයහපතත් තිබෙනවා‘