(චමිල් රූපසිංහ හා පී. ශාන්ත බණ්ඩාර)
පේරාදෙණිය සිට ගම්පහ දක්වා ගමන් ගත් ඩිෆෙන්ඩර් රථයක් පහළ කඩුගන්නාව අම්බලම අසළදී පාරෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරළීමෙන් එහි ගමන් ගත් 5 ක් තුවාල ලබා රෝහල් ගත කළ බව මාවනැල්ල පොලිසිය පවසයි.
තුවාලකරුවන් අතර මාස 9 ක් වයසැති දරුවකු ද සිටින බව මාවනැල්ල පොලිසිය කියයි.
අද (14) පස්වරු 2.00 පමණ මෙම අනතුර සිදුවී තිබේ. ඩිෆෙන්ඩර් රථය පහළ කඩුගන්නාව අම්බලම අසලදී අඩි 150 ක් පමණ ප්‍රාපාතයට පෙරළී ඇති බවත් තුවාලකරුවන් හේනාවල රෝහලට ඇතුළත් කර පසුව පේරාදෙණිය රෝහලට මාරු කර යවා ඇති බවත් පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් මාවැනැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ඩිෆෙන්ඩරයක් ප්‍රපාතයට පෙරළී 5කට තුවාල