
(නිමල් ජයරත්න)
වාලච්චේන ධීවර වරාය ඉන්ධන පිරවුම්හලෙන් ලබාගත් ඩීසල් ලීටර් 1800ක් ලොරි රථයකින් සහ වෑන් රථයකින් කාත්තන්කුඩිය දක්වා ප්‍රවාහනය කිරීමට සූදානම් කර අද අලූයම ඩීසල් තොගය සහ ලොරිය සමග හත්දෙනකු අත්අඩංගුවට ගත් බව වාලච්චේන පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කල්මුණේ සහ කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි පුද්ගලින් බව වාලච්චේන වැඩබලන පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අර්.එම් කුමාරසිංහ මහතා අප කළ විමසීමකදී පැවසීය.
අත්අඩංගුවට ගත් ඩීසල් 1800 ප්‍රමාණය බූලි දහඅටකට ඇසුරුම් කර වෑන් රථයේද, තවත් බූලි 21 ඇසුරුම් කර ඒවා ලොරියටද ඉතා සූක්ෂම ලෙස පටවා තිබූ බව පරීක්ෂණ සිදුකරන වාලච්චේන පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුටගත් මෙම ඩීසල් ප්‍රවාහනය කිරීම සඳහා ඔවුන්ට බලපත්‍රයක් නොතිබි අතර මෙය වැඩි මිලට විකිණීම සඳහා රැගෙන යෑමට සූදානම් කර තිබූ එව්වාද යන්න පොලිසිය සැක පළ කරයි.
2025 දෙසැම්බර් මස 04
202
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
381
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
384
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඩීසල් ලීටර් 1800 වාලච්චේනෙන් අල්ලයි