(අමදෝරු අමරජිව )
පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් මැරිමේ යෙදුනු ධිවර කාර්මිකයකු අත තිබු පුපුරණ ද්‍රව්‍ය සහිත ඩයිනමයිට් කරලක් පිපිරිමෙන් ධිවර කාර්මිකයකු නිලාවේලි මුහුදේදි මියගොස් ඇතැයි කුච්චවේලි පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ කුච්චවේලි ජායා නගර් පදිංචි මොහොමඩ් අජ්ජීර් (29) නැමැති අයෙකි. මියගිය අය තවත් ධිවර කාර්මිකයක් තිදෙනකු සමග පිටත එන්ජින් සවිකරණ යාත්‍රාවකින් මුහුදු ගොස් ඇති අතර කුච්චවේලි හා පුල්මුඩේ අතර මුහුදු තීරයේදි මෙම පිපිරිම සිදුවි ඇති බව පොලිසිය කියයි.
මුහුදට දැමු ඩයිනමයිට් කරල පිපිරි නොයෑම නිසා මුහුදේ පාවෙමින් තිබියදි මියගිය අය අතට ගත් අවස්ථාවේ මෙම පිපිරිමෙන් මෙම අනතුර සිදුව තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd