
(රාස්සගල සම්පත් ප්‍රියනන්දන සහ ඉඔුල්පේ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලන්ගොඩ කිරිදිගල ප්‍රදේශයේ ප්‍රදේශයේදී ටිපර් රථයක් සහ යතුරුපැදියක් ගැටිමෙන් සිදු වු අනතුරකින් පැදිකරු අද (13) රාත්‍රියේ මියගොස් ඇතැයි බලන්ගොඩ පොලිසිය පවසයි.
බණ්ඩාරවෙල, පටිටිය ගෙදර, ලිපිනයේ පදිංචිව සිටි 56 හැවිරිදි පුද්ගලයකු මෙලෙස මියගොස් ඇති බවට හදුනාගෙන ඇතැයි පොලිසිය පවසයි.
ඔහුගේ මෘත දේහය බලන්ගොඩ මුලික රෝහලේ මෘත ශරිරාගාරයේ තැම්පත් කර ඇත.
අනතුර සමිබන්දයෙන් ටිපර් රථයේ රියදුරු බලන්ගොඩ පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
පශ්චාත් මරණ පරික්ෂණ හෙට (14) බලන්ගොඩ මුලික රෝහලේදී පැවැත්විමට නියමිතය.
අනතුර සම්බන්දයෙන් බලන්ගොඩ පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් පරික්ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd