IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


ට්‍රාන්ස්පේරන්සි ආයතනයෙන් මැකෝට පැමිණිලි රැසක්

පාර්ලිමේන්තු මැතිවරණයට තරගවැද සිටින ප‍්‍රධාන දේශපාලන පක්ෂ විසින් පොදු දේපල අයථා ලෙස පරිහරණය කිරීම තවදුරටත් සිදුවෙමින් පවතින බව ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශී‍්‍ර ලංකා මැතිවරණ ජාලය නිරීක්ෂණය කර ඇතැයි එම ආයතනය කියයි.

ඒ අතුරින් රාජ්‍ය දේපල, වාහන යොදා ගැනීම සහ භාණ්ඩ බෙදාදීම මේ වන විට දිගින් දිගටම සිදුවන බවද නිරීක්ෂණය වී තිබේ.

කොළඹ නාගලගම් වීදියේ අංක 161 දරන ස්ථානයේ පිහිටි සමස්ථ ලංකා පළාත් පාලන කම්කරු වෘත්තීය සමිතියට අයත් කාර්යාලය ලංකා සමසමාජ පක්ෂය විසින් දේශපාලන ප‍්‍රචාරක කාර්යාලයක් බවට පරිවර්තනය කර ඇත.

ලංකා සමසමාජ පක්ෂ ප‍්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ නියමය පරිදි උතුරු කොළඹ පක්ෂ කාර්යාලය ලෙස මෙම කාර්යාලය පරිවර්තනය කර ඇත. මෙලෙස බලහත්කාරයෙන් තම වෘත්තීය සමිති කාර්යාලය තුල දේශපාලන කාර්යාලයක් පවත්වාගෙන යෑම පිළිබඳව සමස්ථ ලංකා පළාත් පාලන කම්කරු වෘත්තීය සමිතිය දැඩි විරෝධය පළ කර සිටී. මේ සම්බන්ධව ඡායාරූප සාක්ෂි සහිත පැමිණිල්ල මැතිවරණ කොමසාරිස්තුමා වෙත යවා ඇතැයි ඔවුහු කියති.

හෝමාගම ප‍්‍රාදේශීය සභාවේ සභාපති රුවන් ප‍්‍රබෝද පීරිස් මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු වලට හෝමාගම ප‍්‍රාදේශීය සභාවට අයත් PQ – 6876 දරණ සුදු පැහැති ඩබල් කැබ් රථය යොදා ගනිමින් සිටී. මෙම රථය කොළඹ හෙන්රි පේද්‍රිස් ක‍්‍රීඩාංගණයේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළිදැක්වීමේ උත්සවයට ද සභාපතිවරයා විසින් රැගෙන විත් තිබිණි. මේ සම්බන්ධව ඡායාරූප සහිත සාක්ෂි මැතිවරණ කොමසාරිස්වරයාට ඉදිරිපත් කර ඇතැයි කියති.

බස්නාහිර පළාතේ ප‍්‍රවාහන හා ක‍්‍රීඩා අමාත්‍ය නිමල් ලන්සා මහතා මෙවර ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තර`ග වදී. ඔහු මේ වනවිට තමන්ගේ නිල රථය වන KO – 0459 සඳහා මුදල් ගෙවා ඇත. කෙසේ නමුත් ඔහු මෙතෙක් KI 519 දරණ පරිවාර රථය සහ ඔහුගේ පුද්ගලික කාර්ය මණ්ඩලය සතුව තිබෙන PQ– 041 දරණ රථය නැවත අමාත්‍යාංශය වෙත ලබාදීමට පියවර ගෙන නොමැත. එම වාහන වහාම නැවත අමාත්‍යාංශයේ වාහන සංචිතයට ගෙන්වා ගන්නා ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කරන්නැයි මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ‍්‍රී ලංකා ආයතනය ඉල්ලා සිටී.

ශ‍්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයට අයත් KAH 6867 දරණ ඩබල් කැබ් රථය මේ වනවිට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිදහස් සේවක සංගමයේ ප‍්‍රධාන නිලධාරියෙකු විසින් දේශපාලන ප‍්‍රචාරක කටයුතු සඳහා යොදාගෙන තිබේ.

මේ පිළිබඳව අපනයන සංවර්ධන මණ්ඩලයෙන් කළ විමසුමේදී අදාල වාහනය මෙතෙක් ආපසු භාරදී නොමැති බව තහවුරු කෙරිණි.

ආගමික සිද්ධස්ථාන දේශපාලන කටයුතු වලට යොදා ගැනීම තහනම් බවට නියෝග නිකුත් කර තිබියදී කොළඹ කිරුළපන හන්දියේ පිහිටි බෝධි බෞද්ධ මධ්‍යස්ථානය තුළ බොදු ජන පෙරමුණේ කොළඹ දිස්ත‍්‍රික් අපේක්ෂක විතාරණදෙනියේ  නන්ද හිමියන් පක්ෂ කාර්යාලයක් පවත්වාගෙන යනු ලබයි. මෙම කාර්යාලය වහා ඉවත් කර ගන්නා ලෙස දන්වන්නැයි ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ‍්‍රී ලංකා ආයතනය ඉල්ලා ඇත.

වයඹ පළාත් කෘෂිකර්ම ධීවර හා සත්ව නිෂ්පාදන අමාත්‍යාංශයේ මුදල් යොදා ගනිමින් පුත්තලම දිස්ත‍්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක නිශාන්ත පෙරේරා මහතා නාත්තන්ඩිය ප‍්‍රදේශයේ අඩු ආදායම්ලාභී ව්‍යාපාරිකයින් 22 කුට රුපියල් කෝටි 35, 000 ක් වටිනා තහඩු වලින් සැකසුනු පෙට්ටි කඩ පරිත්‍යාග කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අනුරාධපුර කණ්ඩායම් නායක දුමින්ද දිසානායක මහතා විසින් 3, 4, 5, 6, 7, 8, 9 ශ්‍රේණි වල ඉගෙනුම ලබන පාසල් සිසුන් සඳහා නොමිලේ පරිගණක ශිෂ්‍යත්ව පාඨමාලාවන් පිරිනැමීමට කටයුතු කරමින් සිටී.

මෙම ශිෂ්‍යත්වය අපේ ගම සංවර්ධන හා බර්ටි දිසානායක පදනම ම`ගින් පිරිනමන අතර එක් ශිෂ්‍යත්වයක් සඳහා එම පදනම් දෙක රුපියල් 5000 ක මුදලක් වැය කරනු ලබයි. මැතිවරණ නීතියට අනුව මෙය ඡුන්ද දායකයින්ට අල්ලස් ලබා දීමකි.

අපේ ගම සංවර්ධන පදනමේ හා බර්ටි දිසානායක පදනමේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේද අමාත්‍ය දිසානායක මහතායි.

මිලේනියම් කම්පියුටර් ඇකඩමි ආයතනයේ ශීර්ෂය යටතේ නිකුත් කර ඇති ලිපියේ ඉහත තොරතුරු ඇතුළත් වන අතර, 2015.08.01 දින පරිගණක පාඨමාලාව සඳහා තෝරා ගන්නා ලද පාසල් සිසුන්ගේ භාරකරුවන්ට එම ආයතනයට පැමිණෙන ලෙසත් සඳහන් කොට තිබේ.

 



අදහස් (0)

ට්‍රාන්ස්පේරන්සි ආයතනයෙන් මැකෝට පැමිණිලි රැසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31062 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13198 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10945 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 23 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 876 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 263 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site