(චමිල් රූපසිංහ)
ටිකිරි ඇතින්න දළඳා පෙරහරේ විශ්ණුදේවාල පෙරහැරට සහභාගි වි සිට නැවත ගාල් කර සිටියදි බිම පෙරලි සිටි බවත් එසේ බිම පෙරලි සිටියේ ඇයගේ වයස තත්වය මත බවත් වෛද්‍ය පරික්ෂණයකට ලක් කර ඇගේ සෞඛ්‍ය තත්වය නිවරදිව කිව හැකි බවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය අසෝක දංගොල්ල මහතා පවසයි.
පසුගිය දිනවල සමාජ මාධ්‍ය මගින් ශරීර සෞඛ්‍ය පිරිහුණු වයෝවෘද්ධ ටිකිරා නම් ඇතින්නක් දළඳා පෙරහැරේ ගමන් කිරිම සම්බන්දව විශාල වශයෙන් විවේචන එල්ල විය.
එම අවස්ථාවේදි ටිකිරි ඇතින්නගේ හිමිකරු වන එල්.එල් තිලකරත්න මහතා විසින් ශරීර සෞඛ්‍ය පිරිහුණු වයෝවෘද්ධ ටිකිරා නම් ඇතින්න මහනුවර ඇසළ පෙරහරට සම්බන්ධ කර ගැනීම සම්බන්ධව සමාජ මාධ්‍යය මගින් එල්ල කරන චෝදනා සියල්ල අසත්‍ය බවත් පැවසීය.
මහනුවර විෂ්ණු දේවාළය නියෝජනය කරමින් තුන්වන රන්දෝලි පෙරහර පමණක් ටිකිරා ඇතින්න ගමන් කළ බවත් ඒ පසුගිය වසරේ පෙරහැරෙන් පසුව ආහාර ජීර්ණය නොවීමේ රෝගයකින් මාස 06 ක පමණ ටිකිරි ඇතින්න පෙඵනු බවත් ඊට ප්‍රතිකාර කරන අතර රෝගය සුවවීම ප්‍රාර්ථනය කරමින් භාරයක් ඔප්පු කිරීමට මෙවර පෙරහරට එක් වු බවත් සඳහන් කළේය.
මේ වන විට සාමාන්‍ය සතෙකු ලෙස ආහාර පාන ටිකිරි ඇතින්න ආහාර ගන්නා බවත් දිගින් දිගටම මෙසේ සමාජ මාධ්‍ය තුලින් ගෙන යන කතා අසත්‍ය බවත් සියලු සතුන් වයසට යන විටදි තරුණයෙකු මෙන් ක්‍රියාශිලි නොවන බවද තිලකරත්න මහතා කිය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
‘ටිකිරි ඇතින්න සුවෙන්‘
Akila Thursday, 15 August 2019 11:58 AM
මේ සැරේ තමයි අපේ කට්ටිය අනාගත්තේ, මෙච්චර කල් දළදා පෙරහරි අලින්ව පාවිච්චි කිරීම ගැන සත්ව හිංසනයට විරුද්දව කතාකරන විදේශිකයන්ගේ වැඩි කැමැත්තක් තිබ්බේ නැහැ, නමුත් මේ සිද්දියෙන් මුළු රටම අපකීර්තියට පත් වුනා. මේක බ්‍රිතාන්‍යයේ පවා ප්‍රසිද්ධ පුවත් පත් ගණනාවකම වාර්තා කරලා තිබ්බා, ඒ ගොල්ලෝ කියල තිබ්බේ තමන්ගේ ඇදහීම් මොකක් උනත් ඒක අසරණ සත්තුන්ගේ පිටේ බලෙන් පටවන්න එපා කියල. ඒ ගැන අපේ සිංහල බෞද්ධයොත් පොඩ්ඩක් හිතුවනම් හරි.
ජානක පෙරේරා Friday, 16 August 2019 01:51 PM
පෙර කල පෙරහැර වලට පමණක් නොවෙයි යුද්ධ වලටත් අලි ඇතුන් යොදාගත්තා. බටහිර රටවල ඒ සඳහා අසුන් යොදාගත්තා. දැන් එහෙම නැහැ. ඒක හොඳ දෙයක්. එහෙත් මෙතන ප්‍රශ්නය වසර 500 ටත් වඩා පැරණි දළදා පෙරහැර වල අලි ඇතුන් යෙදවීම රජයක් විසින් අද නවත්වන්න ගියහොත් ඒ රජයට පවතින්න බැරිවෙන තත්වයක් උදා විය හැකියි. පෙරහැර වලට අලි ඇතුන් යොදවන්නේ වසරකට එක වරයි. එබැවින් මේ ඇතුන් හොඳින් බලාගැනීම භාරකරුවන්ගේ සහ පන්සල් වල යුතුකමයි. එසේ නොකෙරෙනවා නම් ඊට විරුද්ධව නීතිමය පියවර ගත යුතුයි. මෙවැනි සම්ප්‍රදායික ආගමික උත්සව වලට අලි ඇතුන් යෙදවීම ලංකාවේ පමණක් නොව ඉන්දියාව ඇතුළු වෙනත් රටවලත් කෙරෙනවා. මේ ටිකිරි ඇතින්නගේ ප්‍රශ්නය වැරදි කොනකින් අල්ලා ගැනීමෙන් රට පුරා සියලු ඇතුන්ට හිරිහැර වෙනවා කියලා යමෙකු කියනවා නම් එය කිසිසේත් පිළිගත නොහැක්කකි. මෙහිදී සත්ව හිංසන විරෝධීන්ගෙන් ඇසිය යුතු තවත් ප්‍රශ්නයක් ඇත. එනම් දිනපතාම දසවධ දී මරා දමන හරකුන් එළුවන් ඌරන් ආදී සතුන් කෙරෙහි ඔවුන්ගේ අනුකම්පාව යොමු නොවන්නේ ඇයි? විශේෂයෙන් ඇතැම් ආගමික උත්සවවලදී මේ සතුන් විශාල වශයෙන් ඝාතනය කරනු ලබයි.