IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


ජල සැපයුම විසන්ධි කළ නිලධාරියාට පහරදුන් අයෙක් අත්අඩංගුවට

(අනීෂා මානගේ)
 
බිල්පත් නොගෙවීම හේතුවෙන් ජල සැපයුම විසන්ධි කළ ජලසම්පාදන මණ්ඩලයේ තංගල්ල කාර්යාලයේ නිලධාරියෙකුට පහර දුන් බව කියන තරුණයකු අද(11) අත්අඩංගුවට ගත් බව තංගල්ල මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීහු පවසති.
 
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ තංගල්ල ඉඳිපොකුණගොඩ ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකි.
 
නියමිත පරිදි ජල බිල්පත් නොගෙවූ තංගල්ල මාරකොල්ලිය ප්‍රදේශයේ නිවෙස්වල ජලය විසන්ධි කිරීමට ජලසම්පාදන මණ්ඩලයේ තංගල්ල කාර්යාලයේ නිලධාරියෙකු පසුගියදා ඒම ප්‍රදේශවලට ගොස් තිබිණි. ඔහු තම රාජකාරී කටයුතු නිමකර ඊයේ(10) නිවෙස බලා ගමන් කරමින් සිටියදී තංගල්ල නගරයේදී කිසියම් පුද්ගලයන් දෙදෙනෙකු පහරදුන් බව එම නිලධාරියා තංගල්ල මූලස්ථාන පොලිසියට පැමිණිලි කර තිබිණි.
 
සිද්ධිය පිළිබඳව විමර්ශන සිදුකළ තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් තංගල්ල බස් නැවතුම්පොළෙහි සීසීටීවී කැමරා දර්ශන පරීක්ෂා කර සැකකරුවන් දෙදෙනකු හඳනාගැනීමට සමත්වූ අතර එයින් එක් අයෙකු අද(11) අත්අඩංගුවට ගෙන තිබිණි.
 
ජල සැපයුම විසන්ධි කිරීම හේතුවෙන් කෝප වූ තරුණයන් ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරියාට පහර දුන් බවට පොලිසිය සැකකරයි. 
 
හඳුනාගත් එක් තරුණයෙකු තංගල්ල මාරකොල්ලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද පහරකෑමට ලක්වූ නිලධාරියා එම තරුණයාගේ නිවෙසෙහි ජල සැපයුම විසන්ධි කර ඇති බවද පොලිසිය කියයි. 
 
අනෙකු සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීහු වැඩිදුරටත් පරීක්ෂණ පවත්වති.



අදහස් (0)

ජල සැපයුම විසන්ධි කළ නිලධාරියාට පහරදුන් අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32373 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14879 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 100 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 379 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1307 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site