

(ක.ග.කරුණාරත්න)
පොලොන්නරුව,ජයන්තිපුර ප්‍රාදේශීය රෝහලේ සියළුම කාර්ය මණ්ඩල අද (15) පෙරවරුවේ සිට සිය රාජකාරීවලින් ඉවත්ව උද්ඝෝෂණයක නිරතව සිටින බව මින්නේරිය පොලිසිය පවසයි.
රෝහලේ හෙද නිලධාරියකුට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ තවත් අයකුට පුද්ගලයන් පිරිසක් පැමිණ රාජකාරී වේලාවේ දී මැර ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙලෙස උද්ඝෝෂණයේ නිරත වෙති.
පෙරදින (14) මධ්‍යම රාත්‍රියේ බීමත්ව ත්‍රිරෝද රථයෙකික් පැමිණි පිරිසක් මෙම මැර ප්‍රහාරය එල්ල කර පලා ගොස් ඇති අතර පසුව මින්නේරිය පොලීසිය එම පලාගිය සැකකරුවන්ගෙන් තිදෙනෙකු සහ ඔවුන් ගමන්ගත් ත්‍රිරෝද රථය අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් ගිරිතලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණය වී ඇති අතර එම පහරදීමෙන් තුවාල ලැබූ හෙද නිලධාරීවරයා සහ සෞඛ්‍ය සේවකයා මේවනවිට පොලාන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.
2025 දෙසැම්බර් මස 16
25
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
824
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ජයන්තිපුර රෝහලේ කාර්ය මණ්ඩලයේ සේවකයකුට මැර ප්‍රහාරයක්