IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ගම්පහ නිලධාරීන්ට ප්‍රවාහන ඇමැතිගෙන් දොස්

(තිලකරත්න දිසානායක)

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ගම්පහ මධ්‍යස්ථානය නව ස්ථානයක ස්ථාපනය කිරීම අද (27) ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකළ අතර මෙහිදී සේවය ලබා ගැනීමට පැමිණි පිරිසට පහසුකම් සලසා නොතිබීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා එහි ප්‍රධානීන්ට චෝදනා කළේය. 

ගම්පහ කච්චේරිය ඉදිරිපිට පිහිටා තිබූ වෛද්‍ය මධ්‍යස්ථානය එම ස්ථානයේ සිට කිලෝමීටරයක පමණ දුරක අතුරු මාර්ගයක පිහිටි පෞද්ගලික නිවසක ස්ථාපනය කිරීම අද සිදුකළේය.

එම අවස්ථාවේ සේවාවන් ලබා ගැනීම සඳහා පැමිණ සිටි 400 ක පමණ පිරිසක් දැඩි අව් රශ්මියේ සිටිනු දුටු අමාත්‍යවරයා දැඩිසේ කෝපයට පත්ව පැවැත්වීමට නියමිතව තිබූ උත්සව සභාවද අවශ්‍ය නොවන බව පවසමින් පැමිණෙන අයට පහසුකම් සලසා නොතිබීම සම්බන්ධයෙන් අදාළ නිලධාරීන්ට මෙලෙස දොස් පැවරීය.

නිලධාරීන්ගේ කාර්යාල වායු සමීකරණය කර ගනිමින් මෙහි සේවය ලබා ගැනීමට පැමිණෙන පිරිසට පහසුකම් ඇති නොකිරීම නොවිය යුත්තක් බව පැවසූ අමාත්‍යවරයා ජනතාව වෙනුවෙන් නිසියාකාරයෙන් කටයුතු කිරීමට නොහැකි නිලධාරීන් තමන්ට අවශ්‍ය නොවන බවද පැවසීය. 

දින තුනක් තුළ සේවය ලබා ගැනීමට පැමිණෙන අය වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගන්නා ලෙස අර්ජුන රණතුංග මහතා බලධාරීන්ට දැනුම් දුන් අතර නිලධාරීන් නිසියාකාරයෙන් කටයුතු නොකිරීමෙන් ජනතාව රජයට දොස් පවරන බවද කීය. 

නව මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙහි නව සභාපති ප්‍රේමසිරි විතාන මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ. 



අදහස් (0)

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ගම්පහ නිලධාරීන්ට ප්‍රවාහන ඇමැතිගෙන් දොස්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32288 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14785 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 84 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 365 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1286 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site