නාවික හමුදාව විසින් අද (24) මන්නාරම, තාල්පාඩු සහ සවුත්බාර් අතර මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ මෙයෙහුමකදී ජාකොටු තුල සිරවී සිටි කැස්බෑවන් 32 දෙනෙකු මුදාගැනීමට කටයුතු කෙරුණි.
ඒ අනුව, උතුරු මැද නාවික විධානය විසින් මන්නාරම, තාල්පාඩු සහ සවුත්බාර් අතර මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී ධීවරයින් විසින් අටවන ලද ජාකොටු කිහිපයක් තුල සිරවී සිටි කැස්බෑවන් කිහිපදෙනෙකු නිරීක්ෂණය කර ඇති අතර, ක්ෂණිකව ක්‍රියාත්මක වූ නාවික හමුදාව එම කැස්බෑවන් ඉන් මුදවා ගැනීමට පියවර ගෙන ඇත. කැස්බෑවන් 32 දෙනෙකු ආරක්‍ෂිතව සාගරයට මුදා හැරීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.
තවද, වඳවී යන සත්ව විශේෂයක් ලෙස නම් කර ඇති කැස්බෑවන් වර්ග 07 ක් ලොව පුරා දැකිය හැකි වන අතර, එයින් වර්ග 05 කට අයත් කැස්බෑවන් ශ්‍රී ලංකා මුහුදු තීරයේදී දැක බලා ගත හැකිය. මෙම වඳවි යන සත්ව විශේෂය ආරක්‍ෂා කර ගැනීම සඳහා නාවික හමුදාපති, වයිස් අද්මිරාල් පියල්ද සිල්වා මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක ‘නීල හරිත සංග්‍රාමය’ යටතේ කැස්බෑ සංරක්‍ෂණය සඳහාද නාවික හමුදාව සිය දායකත්වය සැපයිමට නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ජාකොටු තුළ සිරවී සිටි කැස්බෑවන් බේරා ගනී
ලුම්බිණි Monday, 25 November 2019 02:32 AM
නාවික හමුදාවට මගේ ප්‍රණාමය.