(ජේ.කේ.එල්. චාමින්ද)
ගාල්ල හපුගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු කඩුවකින් කපාකොටා බරපතල තුවාල සිදුකිරිමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 05 දෙනෙකු මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත්බැව් පොද්දල පොලීසිය පැවසීය
අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගාල්ල සපුමල්පෙදෙස ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු සන්තකයේ තිබි මත්කුඩු ග්‍රැම් 05ක් හා මිලිග්‍රැම් 660ක් ද සොයාගෙන ඇතැයි පොලිසිය පැවසිය.
පැරණි කොන්තරයක් මත ප්‍රධාන සැකකරු ඇතුළු 07 දෙනෙකු තුවාලකරුගේ නිවස වෙත ගොස් කඩුවකින් කපාකොටා බරපතල තුවාල සිදුකොට තිබු බවට අනාවරණය වි ඇතැයි පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් අනික් සැකකරුවන් ද මත්කුඩුවලට ඇබ්බැහිවුවන් බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd