(දයාරත්න ඇඹෝගම)

පතිරාජගම නිවසක සඟවා තිබු මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ ජීව පතුරොමක් , හිස් කොපු දෙකක් සමඟ  පුද්ගලයෙකු  අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාශ දුෂණ මර්දන ඒකකය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තිරප්පනේ පොලිස් වසමේ පතිරාජගම පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම පුද්ගලයා සන්තකයේ නීති විරෝධි ගිනි අවියක් තිබෙන බවට ලද තොරතුරක් මත සිදුකළ සෝදිසි මෙහෙයුමකදි ගිනි අවිය,පතුරම් සහ සැකකරුඅත්අඩංගුවට ගෙන තිබේ.

වැඩිදුර පරික්ෂණ කටයුතු සදහා මෙම පුද්ගලයා තිරප්පනේ පොලිසියට බාරදි ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.