
(ප්‍රසංග සිල්වා)
කදාන නගර බේකෙරි නිෂ්පාදන ආයතනයක තෙවන මහළේ ඇති ගින්නකින් එම මහල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි කදාන පොලිසිය කියයි.
කදාන පොලිසිය, වැලිසර නාවික හමුදා කඳවුරේ ගිනි නිවෙන ඒකකය, ගම්පහ ගිනි නිවන ඒකකය හා ප්‍රදේශවාසීන්ගේ සහායන් ගින්න පාලනය කළ අතර ගින්නෙන් තෙවන මහල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.
ගින්නට හේතුව නාවරණය වී නොතිබුණ අතර කිසිවකුට ජීවිත හානි නොමැති බව පොලීසිය පැවසීය.
ගින්න සම්බන්ධව වැඩි දුර පරීක්ෂණ කදාන පොලීසිය සිදු කරනු ලබයි.


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.