
(විමුක්ති සංජය පෙරේරා )
මීගහකිවුල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් දිග්ගල පූඩුල්ල කන්ද රක්ෂිත ප්‍රදේශයේ ඊයේ (18) රාත්‍රි කාලයේ ගින්නක් හටගෙන ඇතැයි මඩෝල්සිම පොලිසිය පවසයි .
ඊයේ දහවල් කාලය වන විට අක්කර 600ක් පමණ ගින්නෙන් විනාශවි ඇති බව පොලිසිය පවසයි .
වන සතුන් දඩයම් කිරිම සදහා කිසියම් පිරිසක් විසින් මේසේ වන රක්ෂිත ප්‍රදේශයට ගිනි තබන්නට ඇතැයි පොලිසිය සැකකරයි .
මෙම ප්‍රදේශය ජලපෝෂිත ප්‍රදේශයක් වන අතර මුවන් ,ගෝන්නුන් ,සහ ඌරන් වැනි සතුන් මෙම ප්‍රෙදේශයේ බහුලව දක්නට ලැබේන අතර ඉතා ලංකාවට පමණක් අවේනික දුර්ලභ ශක වර්ග ඇතැයි පරිසර වේදියෝ පෙන්වා දෙති
මේ සම්බන්ධයෙන් මඩෝල්සිම පොලිසිය විධිමත් පරික්ෂණයක් ආරම්භ කර ඇත .


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.