(කේ. බුද්ධික කුමාරසිරි)
පාදුක්ක පොලිස් වසමේ ප්‍රදේශ කිහිපයක ඉඩම්වල ගැට ගසා සිටි ගවයින් සොරකම් කර මසට විකුණා තිබූ බව කියන පුද්ගලයින් සයදෙනෙකු සහ එම සොරකම් සඳහා යොදා ගත් බව කියන වාහන තුනක් අද (8) අත් අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසයි.
පාදුක්ක පොලිසියට ලැබී තිබූ පැමිණිලි කිහිපයක් පිළිබඳව පරීක්ෂණ කරමින් සිටි අතරතුර මාදුලාව ප්‍රදේශයේ ගවයන් අහිමි වූ ගව හිමියකුට ලැබුණු තොරතුරක් මත කළ පරීක්ෂණයේදී තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.
මෙම ගව සොරකම් සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් තිදෙනෙකු හදුනාගෙන ඇති බවත් එම සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවත් පාදුක්ක පොලිසියේ උසස් නිලධාරියෙක් කීය.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ වාහන හෝමාගම සහ අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ගව සොරකමේ ගිය 6 ක් අත්අඩංගුවට