IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


ගවයින් හොරෙන් ගෙන ගිය සැකකරුවන් දෙන්නෙක් අත්අඩංගුවට

(සුමතිපාල දීයගහගේ )
සොරකම් කරන ලද ගැබ්බර එළදෙනක් ඇතුළු ගවයින් පස් දෙනෙකු ඝාතනය කිරිමට ප්‍රවාහනය කරමින් තිබූ කුඩා ලොරියක් සමඟ සැකකරුවෙකු අද (19) අලුයම කොට්ටව රක්ෂිත වනාන්තරය අසලදී අත්අඩංගුවට ගත් බව අක්මිමණ පොලිසිය පවසයි.


 අක්මීමණ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා හා තවත් නිලධාරියෙකු සේවය නිමවා අලුයම පහට පමණ යතුරුපැදියකින් නිවෙස් බලා යමින් සිටින් විට අක්මිමණ කුරුදුවත්ත හන්දියේදී සැක සහිත කුඩා ලොරි රථයක් පොලිස් නිලධාරීන් දෙදෙනා  පසුකර වේගයෙන් ඉදිරියට ධාවනයකර තිබේ . 

ඒ පිළිබඳව සැක සිතු පොලිස් නිලධාරීන් දෙදෙනා  ඔවුන්  පසු පස හඹා ගොස් කොට්ටව රක්ෂිත වනාන්තරය අසලදී ලොරි රථය හරස් කොට යතුරුපැදිය නවතා ඇත. එවිට ලොරි රථයේ රියදුරු පොලිස් නිලධාරීන් දෙදෙනා යටකර පලා යෑමට උත්සා කිරීමේදී වෙඩි තබන බව පොලිස් නිලධාරින් ප්‍රකාශ කිරිමෙන් පසු ලොරිය නවතා පලා යෑමට උත්සාහ කළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.


 දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ මෙම ගවයින් මැරීමට අලුත්ගම දර්ගා නගරයට රැගෙන යමින් තිබූ බව පොලිස් පරික්ෂණවලදී අණාවරනයවී ඇත. මේ අතර මීට මාස දෙකකට පමන පෙරද මෙම ලොරි රථයෙන් ගවයින් ප්‍රවාහනය කරමින් සිටියදී පොලිසිය වෙඩි තබා ඇතත් පලා ගොස් ඇති බවද වාර්තාවේ.
 සැකකරු අද අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.



අදහස් (0)

ගවයින් හොරෙන් ගෙන ගිය සැකකරුවන් දෙන්නෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31629 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14047 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 176 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1105 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site