IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ගවයින් මස් කළ 3 ක් පොලිස් දැලේ

(තුසිත කුමාර ද සිල්වා)

අලුත්ගම දර්ගා නගරයේ අධිකාරිගොඩ ප්‍රදේශයේ  කැලෑබද පාළු ඉඩමක බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගොස් ඇති ගව ඝාතනාගාර යක් වටලා මස් පිණිස මැරීමට තහනම් වන මී ගවයින් තිදෙනකු ඝාතනය කර තිබියදී එම සත්වයින්ගේ සිරුරු කොටස් සමග සැකකරුවන් තිදෙනෙකු අද (7)අත්අඩංගුවට ගත් බව අලූත්ගම පොලිසිය කියයි.

අලුත්ගම පොලිසියට ලැබුණු  තොරතුරක් මත කළ වැටලීමේදී දර්ගා නගරය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35, 30 , 40, වයස් වල සැකකරුවන් තිදෙනකු මෙම සත්ත්වයින් ඝාතනය කිරීම කිරීමට උපයෝගි කරගත් මුවහත් ආයුධ කීපයක්ද සමග පොලිස් භාරයට ගෙන තිබෙන බව කිහ.

මේ අතර ඝාතනය කිරීමට රැගෙන විත් තිබූ තවත් මී ගවයන් සිව්දෙනකු ගේ දිවි බේරා ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකිවී ඇතැයි ද කීහ.

එලෙස දිවිබේරාගත් මී ගවයින් අලුත්ගම මොරගල්ල සංචාරක පොලිස් ස්ථාන භූමියේ තෘණ කෑම මට සලස්වා ඇතැයි ද කීහ.
අත්අඩංගුවට ගත්සැකකරුවන් හෙට (8) දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස , සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ යන මහත්වරුන් ගේ මහත්වරුන්ගේ උපදෙස් මත අලුත්ගම පොලිස් ස්ථාන අධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක මාගෙදරගම , පොලිස් සැරයන් ක්‍රිශාන්ත(58433) පොලිස් කොස්තාපල්වරුන් වන මුණසිංහ (39148) කුමාර(89861) යන මහත්වරු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ .

 

 



අදහස් (0)

ගවයින් මස් කළ 3 ක් පොලිස් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site