IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


ගවයන් අටදෙනෙකු පැටවූ ලොරියක් සමඟ 5ක් අල්ලයි

(ලලිත් නවරත්න)
 
ආරච්චිකට්ටුව අත්තංගනය ප‍්‍රදේශයේ අයියනන්කට්ටුව වැව අසළ ඉඩමක ගවයන් සහ එළ ගවයන් අටදෙනෙකු පටවා ප‍්‍රවාහනය කිරීමට සූදානම්ව තිබූ කුඩා ලොරි රථයක් පුද්ගලයින් 5දෙනෙකු සමඟ අද(14) අත්අඩංගුවට ගත් බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.

සැකරුවන් අතර මුස්ලිම් ජාතිකයින් තිදෙනෙකු සහ සිංහල ජාතිකයින් දෙදෙනෙකු වන බව පොලිසිය කියයි.

සත්ව හිංසනය සිදුවන ආකාරයෙන් කුඩා ලොරි රථය තුළ මෙම ගවයන් බැඳ දමා තිබූ බවද පොලිසිය වැඩිදුරටත් කියයි.
 
මෙම පිරිස දීර්ඝ කාලයක සිට විවිධ ප‍්‍රදේශවලින් ගවයන් මිලට ගෙන මදවක්කුලම ප‍්‍රදේශයේ ගව ඝාතකාගාරයක් වෙත ප‍්‍රවාහනය කරන බවට තොරතුරු හෙළි වී ඇත.

සැකකරුවන් සහ ගවයින් සහිත ලොරි රථය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 



අදහස් (0)

ගවයන් අටදෙනෙකු පැටවූ ලොරියක් සමඟ 5ක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 573 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 336 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 481 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site