(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දින සිට අද (11) සවස 4. 30 දක්වා ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට මැතිවරණ පැමිණිලි 177 ක් ලැබී තිබූ බව එම කාර්යාලය කියයි.
පසුව කළ විමර්ශනයේදි තහවුරු වූයේ මෙම පැමිණිලිවලින් 28ක් ව්‍යාජ පැමිණිලි බව යැයි එම කාර්යාලයේ ප්‍රකාශයා පැවසීය.
මෙම පැමිණිලිවලින් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 159 ක්ද, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් වූ පැමිණිලි 3 ක්ද, වෙනත් පැමිණිලි 15 ක් ද වාර්තා වී තිබේ. ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් වූ පැමිණිලි හික්කඩුව, නාගොඩ සහ හිනිදුම යන පොලිස් බල ප්‍රදේශවලින් වාර්තා වී තිබේ.
හබරාදුව මැතිවරණ කොට්ඨාසයේ අඟුළුගහ මහා විද්‍යාලය අසළ පවත්වාගෙන ගිය නීතිවිරෝධි මැතිවරණ කාර්යාලයක් පිළිබඳව තමන්ට පැමිණිල්ලක් ලැබී තිබූ බවත් මෙම කාරණය ගැන විමර්ශනය කර පොලීසිය හරහා එම කාර්යාලය ඉවත් කිරීමට කටයුතු කළ බවත් ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ගාල්ලෙන් මැතිවරණ පැමිණිලි 177ක්