IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


ගුරු වැටුප් වංචනිකව ගත්තාට නඩු පවරන්න’යි නිර්දේශ

(උපාලි ආනන්ද)

උතුරු මැද පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍යවරයාගේ මහජන සම්බන්ධතා නිලධාරි වශයෙන් සේවය කළ අනුරාධපුර කරුන්දන්කුලම 4 වැනි පටුමග ලිපිනයේ එච් එම් රණසිංහ පේ‍්‍රමසිරි නැමැත්තාට එරෙහිව දුෂණය නැමැති වරද යටතේ නඩු පවරන ලෙස බරපතල  වංචා දුෂණ රාජ්‍ය සම්පත් වරප‍්‍රසාද බලය හා අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති පරික්ෂණ  කොමිසන් සභාව ජනාධිපතිවරයාට නිර්දේශ කර ඇත. 

පීසීඅයි/952/2015 සහ පීසීඅයි/771/2015 අංක දරන අදාළ ජනාධිපති කොමිසන් සභා නිර්දේශිත වාර්තාවේ තවදුරටත් මෙසේද  සඳහන්ය.

හතුරුසිංහ මුදියන්සේලාගේ රණසිංහ පේ‍්‍රමසිරි නැමැත්තා උතුරු මැද හිටපු ප‍්‍රධාන අමාත්‍යවරයාගේ මහජන සම්බන්ධතා නිලධාරි වශයෙන්  2012-12-06 වැනි දා පත් කර ඇත. මොහු අනුරාධපුර සුදර්ශනබෝධි විද්‍යාලයේ ගුරුවරයකු වශයෙන් සේවය කර ඇති අතර එලෙස සේවය කරන අතර උතුරුමැද හිටපු ප‍්‍රධාන අමාත්‍යවරයාගේ මහජන සම්‍බන්ධතා නිලධාරි වශයෙන් කටයුතු කිරීමට සේවයෙන් මුදා හැර ඇත.

මෙම පරික්ෂණයේ දී අනාවරණය වූයේ ප‍්‍රධාන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් 2013 04 22  දිනැති ලිපිය මගින් එදින සිට ක‍්‍රියාත්මක වන පරිදි මොහුගේ එකී පත්වීම අවසන් කර ඇති බවයි.

2013 04 22 දිනෙන් පසුව හා 2015 01 08 දින අතර කාලය තුළ මොහු ඉහත කී විදුහලේ සේවයට වාර්තා කර ගුරු වෘත්තීයේ කටයුතු ඉටු කර නැති බව අනාවරණය වී ඇත.

රණසිංහ පේ‍්‍රමසිරි නැමැත්තා මහජන සම්බන්ධතා නිලධාරි තනතුරෙන් ඉවත් කළ පසුව ඔහු ප‍්‍රධාන අමාත්‍යවරයාගේ  පුද්ගලික කාර්ය මණ්ඩලයේ  හෝ විශේෂ ව්‍යපෘති අමාත්‍ය කාර්ය මණ්ඩලයේ සේවය කිරීම සඳහා නීත්‍යානූකූල පත්වීමක් ලබා තිබු බවත් මෙම පරික්ෂණයේ දී අනාවරණය වූයේ නැත.

ඒ අනුව රණසිංහ පේ‍්‍රමසිරි නමැත්තා 2013 04 22 වැනි දා මහජන සම්බන්ධතා නිලධාරි තනතුරෙන් ඉවත් කළ පසුව නියමිත රාජකාරිය වන අනුරාධපුර සුදර්ශනබෝධි විද්‍යාලයේ රාජකාරි සඳහා වාර්තා නොකර නිත්‍යානූකූල රාජකාරියක් ඉටු නොකොට 2015 01 08 වැනි දා දක්වා ගුරු වෘත්තිය සඳහා හිමි රුපියල් හය ලක්ෂ හැත්තෑ එක් දහස් එකසිය පනස්  පහක (671155)  වැටුපක් ලබා ගැනීම තුළින් දුෂණය නැමැති වරද මෙන්ම සාපරාධී සාවද්‍ය පරිහරණය නැමැති වරද සිදු කර ඇති බව මෙම කොමිසන් සභාවේ මතය වේ. ඒ අනුව ඒ සම්බන්ධයෙන් මොහුට විරුද්ධව නඩු පවරන ලෙසට නිර්දේශ කරනු ලැබේ.



අදහස් (0)

ගුරු වැටුප් වංචනිකව ගත්තාට නඩු පවරන්න’යි නිර්දේශ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31629 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14047 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 176 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1105 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site