මානව හිමිකම් ගැන කතා කරමින් නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සැබෑ ලෙස භුක්ති විඳිය යුතු අතරම එය සැබෑ ලෙස තේරුම් ගැනීමත් අධ්‍යයනය කිරීමත් කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (5) කොළඹ නෙළුම් පොකුණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ‘ගුරු ප්‍රතිභා ප්‍රභා’ ගුරු හා විදුහල්පති ඇගයීම් උලෙළ අමතමින් පැවසීය.
ගුරුවරයකු දඬුවම් කළ පමණින් මානව හිමිකම් ගැන කතා කරන මාපියන් ගුරුවරුන් දෙස සාධාරණව බැලිය යුතු බව ද කී ජනපති කවුරුන් කෙසේ කීවද ලෝකය, රට හා සමාජය වෙනස් කරන්නේ ගුරුවරුන් යැයි ද ලෝකය වෙනස් කිරීමේ රට හා සමාජය වෙනස් කිරීමේ මානව ශක්තිය, අයිතිය හා උරුමය හිමිවන්නේ සමස්ත ගුරු පරපුරට යැයි ද කීවේය.
අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ අසමත් වන සිසුන්ට සිය ඉගෙනීම් කටයුතු අවසන් නොකර තවදුරටත් අධ්‍යාපන කටයුතුවල යෙදීමට හැකි අයුරින් නව විෂය ධාරා 24කට වැඩි සංඛ්‍යාවක් හඳුන්වාදීමට කටයුතු කරන බව උත්සවය ඇමැතූ අධ්‍යාපන අකිල විරාජ් කාරියවසම් මහතා අද (5) කොළඹදී පැවැසීය.
විභාග කේන්ද්‍රීය ක්‍රමයක් වෙනුවට අනාගතයේ දී දරුවන්ට තමා දක්ෂතා දක්වන විෂයවලින් ඉදිරියට යෑමට එම ක්‍රමවේදය තුළින් අවස්ථාව සැලසෙන බව ද අධ්‍යාපන ඇමැතිවරයා එහිදි කීවේය.
2025 නොවැම්බර් මස 04
657
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2329
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘ගුරුවරු ලොව වෙනස් කරති‘
අශෝක Wednesday, 05 October 2016 12:54 PM
දරුවන්ට තම ළමා කාලයේ අධ්‍යාපනය මෙන්ම සැහැල්ලු බවද තිබිය යුතුයි යනු මගේ හැඟීමයි. දරුවන්ට හරියට පාසලේදී උගන්වනවා නම් ටියුෂන් මාරයාගෙන් දරුවන් බේරාගත හැකිය. අද පන්තිවල ළමයි 4ක් 5ක් වැඩිවුණොත් කෑගසන දෙමව්පියන් ටියුෂන් පන්තියේ ළමයින් 1000ක් හිටියත් කිසිවක් නොදොඩා හිඳින්නේ මන්ද? මේ ගැන රටේ අධ්‍යාපන බලධාරීන් නිසි පියවරක් නොගන්නේ මන්ද? ඇමතිතුමනි, හැකිනම් ඒ සදහා නිසි පියවරක් යොදනු මැනවි (නි)
ගෝමස් Wednesday, 05 October 2016 04:40 PM
ගුරුවරු සමාජය උගත් කරනවා. බැලු බැලූ අත ලෝකය වෙනස්කරලා දියුණු කරලා තියෙන්නේ තාක්ෂණය හදාරපු ඉංජිනේරුවරු වගේ අය. (නි)
විරසේන Wednesday, 05 October 2016 10:15 PM
එතකොට ලෝකය විනාශ කරන්නේ කවුද? (නි)
ආර්. වික්‍රම Thursday, 06 October 2016 01:30 AM
ඔක්කොම “කළයුතුයි" කියලා ඉවර කරනවා හැමදාම. එතකොට කවුද කළයුතු? ඡන්දෙ දුන්න අපිද? (නි)
සෙනරත් Thursday, 06 October 2016 03:20 AM
වීරසේන සහ ආර් වික්‍රමට මගේ උපහාරය. තවමත් සමහර මිනිස්සු අැන්දෙනවා. රටේ සංවර්ධනය බින්දුවට බස්සවලා තවම කතාව දෝලාවෙන්. මේ කියන කතා ගොඩක් මිනිසුන්ට තේරෙන්නේ නැහැ. එයාල හිතනවද දන්නේ නැහැ මහා ලොකු දෙයක් කෙරෙනවා කියලා. බටහිර රටවල් අපිව අන්දනවා කියලා දැනගන්නකොට අපි බොහොම ප්‍රමාද වැඩියි (නි)