(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
බෝර 12 ගිනි අවියක්, උණ්ඩ තුනක්, කඩු දෙකක් ඇතුළු ආයුධ සමග පුද්ගලයකු අද(06) අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලිසිය කියයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ පල්ලෙවෙල කුකුල් නාපේ ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි දෙදරු පියෙකි.
බස්නාහිර පළාත් බුද්ධි ඒකකයේ පොලිස් සැරයන් ප්‍රදීප් මහතා ද තොරතුරක් මත කෙරුණු වැටලීමේ දී මෙම ගිනි අවිය ඇතුළු ආයුධ අත්අඩංගුවට අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත. අත්අඩංගුවට පත් සැකකරු ගව පට්ටියක් පවත්වාගෙන යන ගොවියකු වන අතර ගව පට්ටියේ ආරක්ෂාව සඳහා මෙම ආයුධ ළඟ තබා ගෙන සිටි බව සැකකරු පොලිසිය කළ ප්‍රශ්න කිරීමේදී හෙළි කර ඇත.
නිවසේ මේසයක ලෑල්ලට යටින් සෑදූ රහසිගත පතුලක මෙම අවි ආයුධ සඟවා තිබූ බව පොලිසිය කියයි. දැති සහිත යකඩ මුගුරක් ද ඒ අතර වූ බව පොලීසිය සඳහන් කරයි.
බෝර 12 ගිනි අවිය බ්‍රසීලයේ නිෂ්පාදනය කරන ලද්දක් බව හඳුනාගෙන ඇත.
ගිනි අවිය සැකකරුට ලැබුණු ආකාරය හා එයින් කිසියම් අපරාධයක් සිදු කර ඇත්දැයි සොයා බැලීමට පොලිස් පරීක්ෂණ පැවැත්වේ.



COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.