( රංජිත් රාජපක්ෂ )
හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කුඩාගම පිහිටි ලී වෙළදසැළකට පිරිසක් විසින් ගිනි තැබුවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හැටන් පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
අද (15) අලුයම 1 ට පමණ එම වෙළදසැලට ඇතුළු වු කිසියම් පිරිසක් විසින් එම ලි වෙලදසැලේ ගබඩා කර තිබු දැව වලට ගිනි තබා තවත් දැව තොගයකට භුමිතෙල් ඉස ඇති බව පොලීසිය සඳහන් කළේය.
එම ලී වෙළදසැලේ කාර්යාලයේ සවි කර තිබු ආරක්ෂිත කැමරා පද්ධතියටද හානි කර ආරක්ෂිත කැමරා පද්ධතියේ දත්ත සටහන් පද්ධතියද රැගෙන ගොස් ඇත.
පැතිර යමින් පැවති ගින්න හැටන් පොලිසියේ නිලධාරින් සහ ප්‍රදේශවාසින් එක් ව පාලනය කිරිමට සමත් විය.
වෙළදසැලේ අයිතිකරු කියා සිටියේ ගිනි ගැනීම නිසා තමන්ට රුපියල් ලක්ෂ පහක පමණ අලාභයක් සිදු වි ඇති බවත්, මෙම ගිනිතැබිම කිසියම් පිරිසක් විසින් සිදු කරන්නට ඇති බව තමන් සැකකරන බවයි.
ලී වෙළදසැලේ කාර්යයාලයේ තිබු මුදල් ද සොරාගෙන ඇති බවත්, අයිතිකරු පැවසීය. ගින්න පිළිබදව හැටන් පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ගින්නකින් ලී වෙළෙඳසැලක් මුළුමනින්ම විනාශයි