(තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික්කයේ අද (23) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල 60 දෙනෙකු වන වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති බවත් එම කාලය තුල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 400 දෙනෙකු හමුව ඇති බවත් ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
එම කාලය තුල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම මීරිගම - 56 ක්, රාගම - 37 ක්, වත්තල - 35 ක්, බියගම - 33 ක්, සීදූව - 32 ක්, කැලණිය - 26 ක්, අත්තනගල්ල සහ දොම්පෙ කොට්ඨාසයන්ගෙන් - 25 දෙනෙකු බැගින්, ගම්පහ - 21 ක්, කටාන - 14 ක්, ජාඇල - 12 ක්, දිවුලපිටිය - 11 ක්, මිනුවන්ගොඩ - 9 ක් සහ මීගමුව සිව් දෙනෙකු වශයෙන් හමුව ඇත.
ඊයේ උදෑසන වනවිට පැය 24 ක් තුල දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව ආයෝජන කලාපය කටුනායකින් ආසාදිතයින් 34 දෙනෙකු හමුව ඇති අතර එම කාලය තුල ආසාදිතයින් 380 දෙනෙකු දිස්ත්‍රික්කයේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙතද සැක සහිත රෝගීන් 92 දෙනෙකු රෝහල් ගත කිරීමටද පියවර ගෙන ඇත.
ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 12,954 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබෙන බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ගතවු පැය 24 දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 400 ක්
අනුර Friday, 23 July 2021 03:31 PM
කඨින රැල්ල ළඟ ළඟ ...
සනත් බංඩාර Friday, 23 July 2021 07:48 PM
ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා රෝගීන් පිළිබඳ දත්ත දිනපතා ඉදිරිපත් කරන තිලකරත්න දිසානායක මහතාට අපි ස්තුතිය පුද කරනවා.