(චන්දන ප‍්‍රනාන්දු )
බෝලවත්ත ප‍්‍රදේශයේ කිසිදු බලපතක් නොමැතිව ආයුර්වේද සම්බාහන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් ස්ථානයක් අද (05) අලුයම වටලා එහි සිටි කළමනාකරු හා කාන්තාවන් තිදෙනෙකු සැකපිට අත් අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලිසිය පවසයි.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම තබ්බෝවේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකු හා පේමඩුව ලකඳමුල්ල හා කොළොන්නාවේ පදිංචි වයස අවුරුදු 26, 30 හා 35 හැවිරිදි කාන්තාවන් තිදෙනෙකි .
අයුර්වේද සම්බාහනය කරන මුවාවෙන් කාන්තාවන් යොදවාගෙන විවිධ අපචාර හා ගණිකා ජාවාරමේ නිරත වන බවට මහජනයාගෙන් ලැබුණු තොරතුරු මත අද (05) පොලිස් උපායදූතයෙකු රුපියල් 2000 ක් ගෙවා ඇතුළු වී තොරතුරු තහවුරු කර වැටලීමේදි මෙම සැකකරුවන්ව අත්අඩංගුවට ගැනීමට හැකි වු බව පොලිසිය කීය.
මෙම ස්ථානයට ඇතුලුවීමට හා මූලික සම්බාහනයට රුපියල් 2000 ක් අය කර ඇති බවත් ඉන් පසුව සිදුකෙරෙන අමතර කාර්යන් සඳහා එක් එක් අංගයන්ට විවිධ මිල ගණන් අය කරන බවට පොලිස් උපායදූතයා හරහා තහවුරු වු බව පොලිසිය කීය.
අත්අඩංගුවට ගත් කාන්තාවන්ව සමාජ රෝග පරීක්ෂාවක් සඳහා අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බවත් කළමනාකරුව මාරවිල අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය කීය.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගණිකා නිවාසයක් වටලා සිව්දෙනෙක් අත්අඩංගුවට