
(චාපා මධුභාෂිණී)
දැඩි සේ ගරාවැටීමට ලක්ව ඇති තම නිවෙස සාදා ගැනීම සඳහා කඩොල් පුච්චා ගැනීමට දර කැඩීමට ගිය තිදරු පියකු ගසකින් වැටී මියගොස් ඇතැයි මීගස්වැව පොලිසිය කියයි.
මැදිරිගිරිය මහතලාකොලවැව ප්‍රදේශයේ පදිංචි තිදරු පියකු වූ මනතුංග ආරච්චිලාගේ ජානක ප්‍රධීප් කුමාර නමැති වයස අවුරුදු 37 පමණ වන තිදරු පියෙකි.
මොහු වෘතියෙන් සිවිල් ආරක්ෂක භටයෙකි.
දැනට දැඩි සේ ගටා වැටී ඇති නිවස අලුතින් සාදා ගැනීමේ අරමුණින් නිවස පිටුපස ගඩොල් කපා ඒම ගඩොල් තොගය පිලිස්සීමට අවශ්‍ය දර සපයා ගැනීම සඳහා ඒ් ආසන්නයේම ඇති දං ගසකට නැග අතු කැපීමට යාමේදී මෙම අනතුරට මුහුණපා ඇත.
අනතුර සිදු වූ අවස්ථාවේදීම අස්වාසීන් තුවාලකරු මැදිරිගිරිය මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර ඒ් වනවිටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd