IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ගොඩනැඟිලි නැතැයි කියමින් දරුවන් පාසල් නොයවති

ඩබ්ලිව්.ඒ. අසේල

තම දරුවන්ට ඉගෙනීමට  ගොඩනැගිලි පහසුකම් නැති බව කියමින් ගලහ ෂන්මුගා දෙමළ විද්‍යාලයේ සිසුන් පාසල් නොයැවූ දෙමාපියෝ අද දෙවැනි දිනටත් විරෝධය පළ කළහ.
 
ගොඩනැගිලි ප්‍රශ්නයට විසදුමක් නොලැබුණහොත් හෙට පාසල ඉදිරිපිට විරෝධතාවයක් පවත්වන බව ද දෙමාපියෝ කියති.
 
පාසල් දහසක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙල යටතේ ගලහ ශ්‍රී රාමක්‍රිෂ්නා මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශය ඉවත් කොර ෂන්මුගා දෙමළ විද්‍යාලය නමින් වෙනම ප්‍රාථමික විද්‍යාලයක් පසුගිය ආරම්භ කළේය. ඒ අනුව පසුගිය වසරේ එක ශ්‍රේණියේ ඉගෙනගත් ළමුන්  හැත්තෑ හත් දෙදෙනෙකුට (77) දෙක වසරේ ඉගෙනීමට ගොඩනැගිල්ලක් නොමැති නිසා රාමක්‍රිෂ්නා මධ්‍ය මහා විද්‍යාලයේ ගොඩනැගිල්ලකට යායතු වේ.
 
එම දරුවන්ට ඉගැන්වීමට ෂන්මුගා විද්‍යාලයේ ගුරුවරුන් පැමිණීම පිළිබද රාමක්‍රිෂ්ණා විද්‍යාලයේ විදුහල්පති විරුද්ධ වී ඇත. ඔහු ප්‍රකාශ කර ඇත්තේ තම විද්‍යාලයේ ගොඩනැගිලි තුල වෙනත් පාසලක ගුරුවරුන්ට ඉගැන්වීමට අවස්ථාවක් ලබාදිය නොහැකි බවයි. 
 



අදහස් (0)

ගොඩනැඟිලි නැතැයි කියමින් දරුවන් පාසල් නොයවති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 724 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1751 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site