(ඉන්දිකා රාමනායක)
ගුවන් හමුදාව සහ විශේෂ කාර්ය බලකාය එක්ව සිදුකළ ඒකාබද්ධ ගුවන් මෙහෙයුමක් මඟින් අද (21) හම්බේගමුව කුඩාඔය සහ තණමල්විල යන ප්‍රදේශවල අක්කර 04 ක් පුරා වගා කර තිබූ ගංජා හේන් 08 ක් විනාශ කළ බව විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා පැවසීය.
යුද්ධයෙන් පසු ඒකාබද්ධ ගුවන් මෙහෙයුමකින් ගංජා හේන් වැටලු ප්‍රථම අවස්ථාව මෙය බවද වරුණ ජයසුන්දර මහතා කීය.
මෙම ගංජා හේන් සම්බන්ධයෙන් ගුවන් හමුදා නියමුවන් රහිත යානා වලින් සහ බීච් කාෆ්ට් යන නීරීක්ෂණ යානා මඟින් ලබාගත් තොරතුරු මත විශේෂ කාර්ය බලකායේ විශේෂ අවි හා උපක්‍රම ඒකකය කණ්ඩායම් 08 ක් විසින් හෙළිකොප්ටර් යානා තුනක් උපයෝගි කරගෙන සිදුකළ බවද වරුණ ජයසුන්දර මහතා කියා සිටියේය.
විශේෂ කාර්ය භට පිරිස් එකවරම ගුවනේ සිට ගංජා හේන් මත ගුවනේ සිට පතිත වෙමින් මෙම මෙහෙයුම සිදුකර ඇති අතර ගංජා පැළ 1,59,630 ක් සම්පුර්ණයෙන්ම ගිනි තබා විනාශ කළ බවද වරුණ ජයසුන්දර මහතා සඳහන් කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක්ද අත්අඩංගුවට ගෙන පොලිසියට ඉදිරිපත් කළ බවද ඒ මහතා කීය.
ගංජා හේන් විනාශ කිරීම සඳහා මේ ආකාරයේ සාර්ථක ගුවන් මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කරන බවද වරුණ ජයසුන්දර මහතා වැඩිදුරටත් පැවසීය.
(ඡායාරූප සහ වීඩියෝ - විශේෂ කාර්ය බලකාය මධ්‍ය අංශය)
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ගංජා හේන් වටලන්න ගුවනින් මෙහෙයුමක්
janahitha Saturday, 22 August 2020 07:36 AM
අපරාදෙ ගහක්, දෙකක් අපිට ගන්න ඇහැකිද? හාමුදුරුවෝ කෙනෙක් ඊයේ පෙරේදා ගංජා බලපත් දෙන්න ඕනේ කීවේ... අන්තිමට පාඩුව අපිටමයි..
amila Saturday, 22 August 2020 11:17 AM
මේ කාලකණ්ණින්ට කවදා මේවා තේරෙයිද මන්දා...? සුද්දගේ නීතිය තවමත් රජකරන්නේ... මහාචාර්යවරු බොරුද එතකොට කියන්නේ...? මේවා වටිනා බෙහෙත්... ඔයාලාට එපා නම් වෙන රටවලට දීලා සල්ලි හොයාගන්නකෝ... රටවල් ගානේ ගිහින් හිඟාකකා ඉන්නේ නැතිව...