IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


ගංජා ප්‍රවාහනය කළ තිදෙනෙක් අත්අඩංගුවට

(සිතුම් චතුරංග‍)

ඉන්දියාවේ සිට රැගෙනවිත් ලොරි රථයකින් ප‍්‍රවාහනය කරමින් තිබූ කෝටි එකහමාරක් පමණ වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 120 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු කිලිනොච්චිය, චුන්ඩිකුලම ප‍්‍රදේශයේදී අද (5) උදෑසන අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.

මහ පරිමාණ කේරළ ගංජා ජාවාරමක් සම්බන්ධයෙන් ප‍්‍රදේශවාසීන් විසින් කිලිනොච්චිය කොට්ඨාස බාර පොලිස් අධිකාරී ජයන්ත රත්නායක මහතා ලද තොරතුරක් අනුව කිලිනොච්චිය කොට්ඨාස දුෂණ මර්දන අංශය විසින් සිදුකළ වැටලීමකදී සැකකරුවන් හා කේරළ ගංජා ප‍්‍රවාහනය කරමින් තිබූ ලොරි රථය අත්අඩංගුවට ගෙන තිබේ.

සෙවිලි ෂීට් පටවන ලද ලොරි රථයක සඟවා කොළඹ ප‍්‍රදේශයට මෙම කේරළ ගංජා තොගය රැගෙන යමින් තිබීයදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ලොරි රථයේ තිබී කේරළ ගංජා පැකට් 75 ආසන්න ප‍්‍රමාණයක් පොලිසිය විසින් සොයා ගනු ලැබීය.

සැකකරුවන් ධීවර බෝට්ටු මාර්ගයෙන් ඉන්දියාවේ සිට කේරළ ගංජා චුණ්ඩිකුලම් වෙරළට රැගෙනවිත් ප‍්‍රවාහනය කරමින් තිබූ බවට තොරතුරු අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවෝ කිලිනොච්චිය, පලෙයි හා වවුනියාව ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු 25ත් 40ත් අතර වයසේ පසුවන්නෝ වෙති.

සැකකරුවන් හා අත්අඩංගුවටගත් කේරළ ගංජා සහිත ලොරි රථය කිලිනොච්චිය මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

ගංජා ප්‍රවාහනය කළ තිදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32306 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14815 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 86 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 368 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1293 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site