(එච්. චන්දන)
පුත්තලම පොලිසියේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව වටිනාකම තක්සේරු කළ නොහැකි ගජමුතු 02 ක් සමඟ පුද්ගලයෙකු අද (01) පුත්තලම මනගුණ්ඩු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වටිනා ගජමුතු දෙක සමඟ හෙරෝයින් මිලි ග්‍රෑම් 620 ද සැකකරු සන්තකයේ තිබී පොලිස් නිලධාරීන් සොයා ගෙන තිබේ.
මොහු කලක සිට හෙරොයින් මත් කුඩු ජාවාරමේ යෙදී ඇති බවත් සැකකරු මෙම ගජමුතු දෙක වනාතවිල්ලුව - එළුවන්කුලම ප්‍රදේශයේ අයකුගෙන් ලබා ගෙන ඇති බවත් එය විකිණීමට සුදානමින් සිටි බවත් මූලික පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.
සැකකරු පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පුත්තලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ගජමුතු 02 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට