(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නාවික හමුදාව කල්ලාරු තුඩුවට ඉදිරියෙන් පිහිටි මුහුදු සීමාවේදි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදි ඉන්දියානු ජාතිකයින් තිදෙනෙකු හා ධීවර යාත්‍රාවක් සමග කහ කිලෝ 2404 ක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
නාවික හමුදාව පවසන්නේ කල්ලාරු සිට මුහුදු සැතපුම් 27 ක් නුදුරින් පිහිටි මුහුදු සීමාවේදි මෙම කහ තොගය ධීවර යාත්‍රාවකින් ශ්‍රී ලංකාවට රැගෙන එමින් තිබියදි මෙසේ අත් අඩංගුවට ගත් බවය.
අදාල කහ තොගය උර 64 ක අසුරා තිබු බවත් එහි කහ කිලෝ 2404 යි ග්‍රෑම් 300 ක් තිබු බව නාවික හමුදාව පවසයි. ඉන්දියානු ජාතිකයෝ වයස අවුරුදු 37,40,49, වයස් වල පසුවෙති.
කෝවිඩ් 19 නිරෝධායන අණපනත් උල්ලංඝණය කරමින් මෙරටට රැගෙන එමින් තිබු අදාල කහ තොගය හා ඉන්දියන් ජාතිකයින් හා යාත්‍රාව කොවිඩ් 19 වැළැක්වීමේ සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් අදාල නීතිමය කටයුතු සදහා අදාල සැකකරුවන් හා අනිකුත් දෑ නාවික හමුදා භාරයට ගෙන ඇති බව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd