
(රොමේෂ් ධනුශ්ක සිල්වා)
කොළඹ රාජකීය විද්‍යාලයීය 2001 ආදි සිසු කන්ඩායමේ පූර්ණ අනුග්‍රහයෙන් ඉදිකරන ලද අංග සම්පූර්ණ ගණිතාගාරයක් විද්‍යාලයට පිරිනැමීම උත්සවාකාරයෙන් සිදුවිය.
රාජකීය විද්‍යාලයේ ගණිත සංගමයේ විශේෂ ඉල්ලීමකට අනුව දිගු කලක සිට පැවති අඩුපාඩුවක් සපුරාලමින් එම විද්‍යාලයේ ප්‍රථම ගණිතාගාරය ලෙස මෙම පරිත්‍යාග කිරීම සිදුවිය.
උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ගණිත අංශයේ අධ්‍යක්ෂිකා ප්‍රියාතා නානායක්කාර මහත්මියද විශේෂ ආරාධිතයා ලෙස ගණිතාගාර සංකල්පයේ නිර්මාතෘ ධර්මසිරි හේන්ගොඩගේ මහතාද මෙම අවස්ථාවට සහභාගී විය.
තවද රාජකීය විද්‍යාලයේ විදුහල්පති බී.ඒ අබේරත්න, ජේෂ්ඨ නියෝජ්‍ය විදුහල්පති එම්.වී.එස් ගුණතිලක, රාජකීය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ භාන්ඩාගාරික සොහාන් යාපා, පාසල් සංවර්ධන සමිතියේ ලේකම් අසංග පීරිස් සහ විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ 2001 කණ්ඩායමේ සභාපති යොෂාන් පෙරේරා යන අය අයද මෙම අවස්ථාවට එක්ව සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනෙක් විදුහල්වලට හුළං...
රටේ අධ්‍යාපන පහසුකම්වල විෂමතාවය පේනවා නේද?