
( රංජිත් රාජපක්ෂ)
නිවසින් අතුරුදහන් වු තරුණයෙකුගේ මළ සිරුර කාසල්රි ජලාශයේ තිබි අද (17) පස්වරුවේ ගොඩගත් බව නොර්වුඩ් පොලිසිය පැවසිය.
මෙසේ ගොඩගනු ලැබුවේ නොර්වුඩ් වත්ත ඉහල කොටසේ පදිංචිව සිටි සරත් කුමාරන් නැමති (20) හැවිරිදි තරුණයෙකුගේ සිරුර බව පොලීසිය කීවේය.
කාසල්රි ජලාශයේ නිව්වැලි වත්ත ප්‍රදේශයේ දියනැමට ගිය පිරිසක් ජලාශය අසල අයිතිකරුවෙකු නොමැති ජංගම දුරකථනයක් සහ පාවහන් යුගළක් ඇති බවට නොර්වුඩ් පොලිසියට ලබාදුන් තොරතුරක් මත නොර්වුඩ් පොලිසිය විසින් පුළුල් විමර්ෂණයක් ආරම්භ කර තිබුණි.
අතුරුදහන් වු තරුණයාගේ ඥාතින් විසින් තරුණයාගේ ජංගම දුරකථනය සහ පාවහන් යුගළ හදුනාගැනිමෙන් අනතුරුව කාසල්රි ජලාශයේ ධිවරයන්ගේ සහ ප්‍රදේශවාසින්ගේ සහය ඇතිව අතුරුදහන් වු තරුණයාගේ සිරුර සොයා ජලාශයේ මෙහෙයුමක් දියත් කල අවස්තාවේ තරුණයාගේ සිරුර ජලාශයේ තිබි ගොඩගෙන ඇත.
මිය ගිය තරුණයාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව නොර්වුඩ් පොලිසිය පැවසිය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd