( ඔගස්ටින් ප්‍රනාන්දු)             

ඝාතනය කරන ලද  බවට සැක කෙරෙන කාන්තා මළ සිරුරක් හලාව ත පුත්තලම දුම්රිය මාර්ගයේ දැදුරු ඔය රේල් බොක්කුවක් යට තිබි අද ( 30 දා ) සොයා ගත් බව හලාවත පොලිසිය කියයි.

මසුන් ඇල්ලිමට ගිය බව කියන පුද්ගලයෙකු විසින් මෙම මළ සිරුර මුළින්ම දැක ඒ බව ගම්වාසින්ට දැනුම් දිමෙන් පසු  පොලිසියට දැන්වා ඇති බවත් පසුව පොලිසිය එහි පැමිණ  ඇති බවත් කියයි.

පොලිසියේ අපරාධ ස්ථාන පරික්ෂණ ඒකකයේ  නිලධාරින්ද , හලාවත මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක සෙනරත් එදිරිසිංහ මහතා හා අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් හා එක්ව එහි පරීක්ෂණ සිදු කෙරෙති.

මෙම කාන්තවගේ  මුහුණ ජලය යටට වැටෙන සේ දියේ පාවෙමින් තිබු අතර  මුහුණ දැක ගත නොහැවන සේ සිරුර වැටි තිබු බවත් පොලීසිය කියයි.

සිරුර කාගේද යනන තවමත් අනාවරණය කරගෙන නැතැයි පොලීසිය කියයි