IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


‘කොළඹ කසලවලින් තොරයි‘

(විනීතා එම් ගමගේ)

කොළඹ නගරය කැළි කසලවලින් සම්පූර්ණයෙන්ම තොර නගරයක් බවට පත්කළේ යැයි  මහානගර සහ බස්නාහිර  සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඉකුත් ජූලි මාසය වන විට කොළඹ නගරයේ ස්ථාන 135 ක කැළි කසල රැඳී තිබු බවත් ක‍්‍රමාණුකූලව හා නිවැරදි තාක්ෂණය අනුගමනය කරමින් නගරයේ කසල සම්පූර්ණයෙන් ඉවත් කළ බවත් අමාත්‍යවරයා කියයි.

ත‍්‍රිවිධ හමුදා, පරිසර පොලිසිය, නගර සභා, පෞද්ගලික ආයතන මේ කටයුත්තට සහය දුන් බව ද ජනතාව මේ තත්ත්වය පවත්වාගෙන යාමට සහය දිය යුතු බව ද හෙතෙම පවසයි.

ප්ලාස්ටික්වලින් අය කරන බද්ද ඉදිරියේ දී  කසල කළමනාකරණ කටයුතු සඳහා පළාත් පාලන ආයතනවලට ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලීමක් කර ඇති බව ද අමාත්‍යවරයා කීය.
 
අමාත්‍යවරයා මේ බව පැවසූවේ කොළඹ මහනගර සභාවේ අද (21) පැවැති මාධ්‍ය හමුවකදීය.  

“දිල්ලිය, ඉස්ලාමාබාද් වගේ නගර මේ වන විට පරිසර දුෂණය නිසා වහලා. අද දකුණු ආසියාවේ වර්ග කිලෝ මීටරයකට වැඩිම දොඹකර ගණනක් ක‍්‍රීයාත්මක වන රට ලංකාවයි. ඉදිකිරීම් ක්ෂේත්‍රය තුන් ගුණයකින් වැඩිවෙලා.

පරිසර දුෂණය පාලනය එක්තරා ජයක් ලෙස සලකන්නේ ඒකයි. දිල්ලිය ඉදිකිරීම් නවතලා. අපි අවසන් විසඳුම ලෙස කසලවලින් විදුලිය ජනනය කරන බලාගාර තුනක් ආරම්භ කළා. ඒ වගේම ස්ථිරසාර විසඳුමක් ලෙස අරුවක්කාලූ කසල අංගනය ආරම්භ කරනවා. ඒ සඳහා අදාළ කොන්ත‍්‍රාත් සමාගමට කොන්ත‍්‍රාත් ප‍්‍රදානය කරන්න සුදානම්.

මීතොටමුල්ල හා බ්ලූ මැන්ඩල් කුණුකඳු ඇති තැන්වල ලබන වසරේ දී නාගරික උද්‍යාන ඇති කරනවා. කරදියානත් පළාත් සභාවත් සමඟ එක්ව විධිමත් තැනක් බවට පත් කරනවා.කසලවලින් සාක්කු පුරවා ගත්තු මාෆියාවල කාලය ඉවරයි. ඒ අයට ආපසු එන්න ලැබෙන්නේ නැහැ. එවැනි තැන්වලින් ආපසු ලාභ ලබන්න බැහැ. ’’ යැයි ද අමාත්‍යවරයා කීය.



අදහස් (6)

‘කොළඹ කසලවලින් තොරයි‘

aka Wednesday, 22 November 2017 03:30 AM

ඔව්. ඒවා ඔක්කොම මුතුරාජවෙල. ගං වතුරක් ආව ගමන් ඒ කන්ද කඩා වැටිලා මුළු මුතුරාජවෙලම ඉවරයි.

:       0       11

Senarath Wednesday, 22 November 2017 03:34 AM

2015 වෙනකම් කොළඹ කැලිකසල නැති නගරයක් විදියට තිබුණා...... මේ රජය ඇවිල්ල තමයි සියල්ල විනාශ කළේ. දැන් කිව්ට කොළඹ කැලිකසල වලින් තොර නගරයක් කියලා එක ප්‍රායෝගිකව වෙන්නේ නැහැ. ඕනේ තරම් තවමත් කොළඹ කුණු දකින්න පුළුවන්.

:       34       115

Sachith Wednesday, 22 November 2017 03:46 AM

දෙමටගොඩ ගුවන් පාලම යට එහෙම පොඩ්ඩක් ඇවිත් බලන්න ඇමතිඅතුමා තියන කුණු තොගය කොහොමද කියල. නිකන් බොරු කියල මිනිස්සු රවට්ටන්න එපා.

:       0       63

dasun Wednesday, 22 November 2017 06:45 AM

ගෝටාභය ත්‍රිවිධ හමුදාව කොළඹ පිරිසිදු කරන්න ගත්තාම දොස් කියපු අයම දැන් කියනවා ත්‍රිවිධ හමුදාවත් මේ පිරිසිදු කිරීමට සහය වුනා කියලා.

:       45       180

Sampath Wednesday, 29 November 2017 11:51 AM

කරුණාකර මරදාන ගුවන් පාලම් ගෙන අවධානය යොමු කරන්න. ඒවා කසලවලින් පිරි පවතී. ගමන් කරන මගීන්ට ඉමහත් කරදරයකි. ස්තුති .

:       0       1

සෙනෙවි Friday, 01 December 2017 12:00 AM

2015 ට පෙර කුණු ඒ කාලෙ අය කන්න ඇති . නැත්නම් බ්ලූ මැන්ඩල් කුණුකන්ද උතුරේ දෙමළු ගෙනල්ල දාල වෙන්න ඇති 2015 ට පෙර පාලනය අවසාන කාලෙ තාත්තල පුතාල සහොදරයන්ගේ සංදර්ශනයක් බව තේරුම් නොගන්නෙ එම පාලනයෙන් මස්කටු ලෙවකාපු අය විතරයි. දැන්පාලනය වැරදි තමයි ඒත් නිදහස් වටිනව...............

:       70       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31507 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13846 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11065 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 153 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1069 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 299 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site