
(පද්මා කුමාරි කංකානම්ගේ)
ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතීවිරෝධී ලෙස මෙරට රැගෙනවිත් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් ලක්ෂ 70 ක් පමණ වටිනා කහ කිලෝ 1391ක්, නොරොච්චෝල පොලිස් බල ප්‍රදේශයට අයත් පූලච්චේන මාර්ගයක ප්‍රවාහනය කරමින් තිබියදී අද (6) කල්පිටිය නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම කහ තොගය සමග ඒවා ප්‍රවාහනය සඳහා යොදාගත් ලොරි රථයක්, මෝටර් රියක් සහ යතුරු පැදියක් සමගින් සැකකරුවන් 05 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන නොරොච්චෝල පොලිසියට බාර දී ඇත.
සැකකරුවන් පාලවිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30ත් 50ත් අතර අයවලුන් වේ.
සැකකරුවන් පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට යොමු කිරීමට නියමිතයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd