IMG-LOGO

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා


කහටගස්දිගිලිය ප්‍රා.ලේ. විරුද්ධව උද්ඝෝෂණයක්

(පැතුම් දර්ශන)
 කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක මහතා ප්‍රදේශයේ ඉඩම් සම්බන්ධයෙන් පක්ෂග්‍රාහීව තීරණ ගන්නා බව පවසා ඔහු වෙනත් ප්‍රදේශයකට මාරු කර යවන ලෙස බලකරමින් පිරිසක් ඊයේ (03) දහවල්   සිට  කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වු උද්ඝෝෂණයට විරෝධය දක්වමින් කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේම  තවත් පිරිසක් අද  (04)  උදඝෝෂණයට එක්ව සිටිති.
 

කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම්වරයා නීතිගරුක නිලධාරියෙකු බවත් ඔහු කිසිවිටෙක පක්ෂග්‍රාහීව කටයුතු නොකරන බවත් එහිදී උද්ඝෝෂකයෝ පැවසූහ.
 
 තම පටු අරමුණු ඉටුකර ගැනීම සඳහා අවස්ථාව නොලැබුණ කල්හි බොරු චෝදනා ඉදිරිපත් කර ප්‍රාදේශීය ලේකම්වරයා සහ නිලධාරීන් අපහසුතාවයට පත්කිරීමට සීමිත පිරිසක් උත්සාහ කරන බවත් ඒ සඳහා කහටගස්දිගිලිය ප්‍රදේශයේ ජනතාව දැඩි විරෝධයක් දක්වන බවත් ඔවුහු වැඩිදුරටත් පැවසූහ.
 
කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලින් ආරම්භ කළ උද්ඝෝෂණය පාගමනින් කහටගස්දිගිලිය නගරය දක්වා ගොස් ඔරලෝසුව කණුව අසලින් ආපසු හැරී අනුරාධපුර ත්‍රීකුණාමලය මාර්ගයේ පිහිටි කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලට පැමිණ නැවත උද්ඝෝෂණයේ නිරතවූහ.
 
ඒ වනවිටත් ප්‍රාදේශීය ලේකම්වරයාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ සිටි අතර උද්ඝෝෂකයෝ එම නිලධාරීන්ටද කරුණු පහදා දෙමින් ලිඛිතව තම ඉල්ලීම් ඉදිරිපත් කළහ.

පැයක පමණ කාලයක් ඔවුන් උද්ඝෝෂණයේ නිරත වීමෙන් පසුෙ විසිර ගිය අතර කහටගස්දිගිලිය පොලීසිය විසින් නගරයට සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටට දැඩි ආරක්ෂාවක් යොදා තිබුණි.



අදහස් (0)

කහටගස්දිගිලිය ප්‍රා.ලේ. විරුද්ධව උද්ඝෝෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32469 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14969 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9915 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 110 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 394 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1322 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site