(ශාන්ත චන්ද්‍රසිරි)
තලවකැලේ නගරයේ වෙළෙඳ සැලක කසළ තේ කුඩු හොඳ තේ කුඩු සමඟ කවලම් කර අළෙවි කිරීමට තබා තිබූ තේ කොළ කිලෝ 200 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අද (04) රාත්‍රී 8.00 ට පමණ අත්අඩංගුවට ගත්බව තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර පවසයි.
පිටස්තර ප්‍රදේශවල සිට කසළ තේ කුඩු රැගෙන විත් හොඳ තේ කුඩු සමඟ කවලම් කර ඒවා පැකට් කර අළෙවි කිරීමේ ජාවාරමක මෙම පුද්ගලයන් කලක පටන් නිරතව ඇති බව තලවකැලේ පොලිස් විශේෂකාර්ය බලකා කඳවුරේ අණදෙන නිලධාරී ආර්. එම්. රාජකරුණා මහතා කීය.
මෙම වෙළෙඳ සැලට තේ කුඩු අළෙවි කිරීමේ බලපත්‍රයක් ඇති බවත් එම බලපත්‍රය භාවිතා කරමින් මෙසේ කසළ තේ කුඩු හොඳ තේ කුඩුවල කවලම් කර අළෙවි කිරීම සිදු කර ඇති බවත් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සිදු කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනා හා කසළ තේ කුඩු තොගය නුවරඑළිය අධිකරණ වෙත ඉදිරිපත් කිරීම සඳහා තලවකැලේ පොලිසිය වෙත භාරදීමට පියවර ගත්බවද අණදෙන නිලධාරීවරයා වැඩිදුරටත් පැවැසීය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
කසළ තේ කුඩු 200 ක් සමඟ සැකකරුවන් 2 ක් අත්අඩංගුවට