(අමල් වික්‍රමරත්න)
ගාල්ල නාගරිකයේ කසල කළමනාකරණය කිරීම සදහා ඉන්දීය සමාගමක් විසින් ස්වදේශ කටයුතු අමාත්‍යංශයට පරිත්‍යාග කෙරුණු කසල දහන යන්ත්‍රයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද ගාල්ල නගර සභාව වෙත නිල වශයෙන් පරිත්‍යාග කිරීම සිදු විය
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා , ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සමග ඉන්දීය සමාගමේ නියෝජිත පිරිසක්ද සහභාගී විය.
මෙම කසල දහන යන්ත්‍රයෙන් වරකට කසල කිලෝ 150 ක් දහනය කිරීමට හැකියාව ඇති අතර කිසිදු ඉන්ධන වර්ගයක් කසල දහනය කිරීමට යොදා නොගැනීමත් පරිසරයට කිසිදු අහිතකර වායුවක් මුදා නොහැරීමත් මෙම කසල දහන යන්ත්‍රයේ විශේෂතා අතර වේ.
නියමු ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක මෙම කසල දහනයන්ත්‍ර ව්‍යාපෘතිය ඉදිරියේදී ගාල්ල නගර සභාවේ එක්රැස්වෙන කසල දහනය කිරීමට අවශ්‍ය විශාල යන්ත්‍රයක්ද නොමිලයේ ලබාදීමට කටයුතු කරන බවද ඉන්දීය සමාගම සදහන් කරයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කසල දහන යන්ත්‍රය විවෘත කිරීම අගමැති සුරතින්
sahan Saturday, 27 January 2018 08:10 AM
අගමැතිතුමනි , මේ දවස්වල පටු වාසි තකා කසල ගොඩවල් සොයා සොයා අවුස්සා සමාජයම ගදගස්සන කසල සෝදකයාගේ රැකියාව අද හෙටම නැති වේවිද....................
රජින්ද Saturday, 27 January 2018 09:54 AM
රටක අගමැතිට ගිය කලක්... කසල දාහකයක් විවෘත කරන්න යන්නෙත් රටේ අගමැති. අවුරුදු 3ක කාලයේදී පොඩි මනුස්සයගේ ඇගට දැනෙන්න රටට වැදගත් එක ව්‍යාපෘතියක් හරි සම්පුර්ණයෙන්ම ඉවර කලානම් මෙහෙම පුංචි ඡන්දෙකටත් බය වෙන්න වෙන්නේ නැහැනේ. මෙයාලගේ පපුව රත් වෙන්න මැතිවරණයක් තියන්නම ඕන. සමාවෙන්න දැන් පරක්කු වැඩියි.
rocky Sunday, 28 January 2018 02:04 AM
ඔය යන්තරේ තියන තැනට යන පාරටත් `කසල මාර්ගය` කියල නම් කරලා ඇමති කෙනෙක් ලවා විවෘත කරවමු! එතකොට පුළුවනි ඒකත් ජනතා අයිතියට පවරන්න!