(ඩී.කේ.රත්න)
තණමල්විල කුඩාඔය කමාන්ඩෝ පුහුණු පාසලේ ලාන්ස් කෝප්‍රල්වරයෙකු කඳවුර ආසන්න කැලෑවේ කැලෑ සටන් පුහුණුවෙමින් සිටියදී අද(21) වන අලියකු පහරදීමෙන් ඔහු බරපතල තුවාල ලබා ඇතැයි කුඩාඔය පොලිසිය කියයි.
තුවාල ලබා ඇත්තේ අවුරුදු 24ක ලාන්ස් කෝප්‍රල්වරයෙකි.
තුවාල ලැබූ ලාන්ස් කෝප්‍රල්වරයා තණමල්විල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු හම්බන්තොට මූලික රෝහලට මාරුකර යවා ඇත.
කමාන්ඩෝ සෙබළුන් කඳවුර ආසන්න කැලෑවේ කැලෑ සටන් පුහුණුවෙමින් සිටියදී එම ප්‍රදේශයට පැමිණි වන අලියෙකු මෙම පහරදීම කර තිබේ.
කුඩාඔය පොලීසියේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ පවත්වති.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
කැලෑ සටන් පුහුණුවෙමින් සිටි ලාන්ස් කෝප්‍රල්වරයකුට අලියෙක් පහරදෙයි