නියගය පවතින අවස්ථාවක කැලෑත් ගිනි තියන පිරිස් වගේම සමහර දේශපාලඥයන් උතුර දකුණ කියා රටත් ගිනි තබන බවත් ජනතාව නියගයෙන් අපහසුවට පත්වි සිටින මෙවැනි අවස්ථාවක විදේශ උපකාර අවශ්‍ය බවත් තිබ්බටුවාවේ ශ්‍රි සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශවයේ මහනායක හිමියෝ වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා හමුවේ පැවසූහ.
දළඳා වහන්සේ වැඳපුදා ආශිර්වාද ලබාගෙන ගම්බද දරුවන්ගේ ක්‍රීඩා කුසලතා නැංවීමට ගෙන යන වැඩසටහන සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් දැනුවත් කිරිම සඳහා පැමිණි අවස්ථාවේ උන්වහන්සේ ඇමැතිවරයාට ඒ බව කීහ.
ඇමැතිවරයා ගම්බද දරුවන්ට අතහිත දීම සඳහා ගෙනයන වැඩපිළිවෙළ අගය කළ යුතු බවත් වරකාගොඩ ඥානරතන අස්ගිරි මහාවිහාර පාර්ශවයේ මහානායක හිමියෝ පැවැසූහ.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
‘කැලෑ ගිනි තබනවා සේ සමහරු රටත් ගිනි තබනවා‘