IMG-LOGO

කොල්ලකරුවන් දෙදෙනෙකුට බරපතල වැඩ සහිත සිරදඬුවම්

(මනෝප‍්‍රිය ගුණසේකර)

මහරගම ප‍්‍රදේශයේ වෙළඳසැළකට කඩාපැන ගිනි අවි එල්ල කර එහි තිබූ රුපියල් ලක්‍ෂ 1 1/2කට ආසන්න මුදල් හා රන් ආභරණ කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වූ කොල්ලකරුවන් දෙදෙනකුට වසර 27 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා රුපියල් 90,000/- බැගින් දඩ මුදල් ද නියම කළේය.

කොල්ලකරුවන්ගේ ක‍්‍රියා හේතුවෙන් සමාජය භීතියට පත් වන බවත් මෙම විත්තිකරුවන් මීට පෙර අවස්ථාවලදී කොල්ලකෑම් සිදුකිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වී ඇතැයි කියමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥවරයා කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා විත්තිකරුවන්ට අදාළ දඬුවම් නියම කළේය.

විත්තිකරුට එරෙහි චෝදනාවන් පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා එම චෝදනාවන්ට වරදකරුවන් වූ විත්තිකරුවන්ට අදාළ දඬුවම් නියම කළේය.

චෝදනාවට වරදකරුවීමෙන් මෙලෙස දඬුවම් නියම වුයේ ජගත් සුරංග පෙරේරා සහ නිශාන්ත පෙරේරා නමැති විත්තිකරුවන්ටය.

2007 දෙසැම්බර් 4 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මහරගමදී වෙළඳසැළකට කඩාවැදී ගිනි අවි පෙන්වා රුපියල් 148,000ක්  හා රන් අබරණ කොල්ල කෑ බවට විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් වෙන වෙනම නඩු පවරා තිබිණි.

මේ සම්බන්දයෙන් පැවති දීර්ඝ නඩු විභාගයේදී විත්තිකරුවන් විසින් මහරගම ප‍්‍රදේශයේ වෙළඳසැළකට කඩාවැදී හිමිකරුට ගිනි අවි පෙන්වා එහි තිබූ රුපියල් 35,000 ක් හා රුපියල් 1,13,000 ක් වටිනා රන් අබරණ කොල්ල කෑ බවට සාක්කි අනාවරණය විය.

නඩු විභාගය අවසානයේ දී විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා එම චෝදනාවන්ට ඔවුන් වරදකරුවන් කළේය.



අදහස් (0)

කොල්ලකරුවන් දෙදෙනෙකුට බරපතල වැඩ සහිත සිරදඬුවම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 438 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 220 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1937 4
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site