(ක.ග.කරුණාරත්න)
පොලොන්නරුව , කදුරුවෙල ප්‍රදේශයේ පිහිටි නිවසක් වටලා රුපියල් ලක්‍ෂ 12 ක් පමණ වටිනා කේරළ ගංජා තොගයක් සමඟ කාන්තාවක් අද (20) අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් කාන්තාව කදුරුවෙල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි දෙරු මවක් බව පොලිසිය පැවසීය.
ඇගේ සැමියා වෙනත් වරදක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින බවද පොලිසිය සඳහන් කළේය.
පොලොන්නරුව පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබේ.
පොලොන්නරුව සහ ඒ අවට ප්‍රදේශ රැසකට කේරළ ගංජා බෙදා හැරීමේ ජාවාරමට මෙම කාන්තාව සම්බන්ධ බව පොලිසිය සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
කේරළ ගංජා තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට