විනීතා එම් ගමගේ
කොරියානු භාෂා ප්‍රවීනතා විභාගය සඳහා අයදුම්පත් නිකුත් කිරීම දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 18 කදී සඳුදා (26) සිට මාර්තු 02 වැනිදා දක්වා පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා සිදුකෙරෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
අනුරාධපුර, බදුල්ල, කුරුණෑගල, මහනුවර, රත්නපුර, වවුනියාව, මතුගම, මඩකලපුව, අම්පාර, හලාවත, දඹුල්ල, ගාල්ල, යාපනය, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, තංගල්ල, සහන පියස සහ පන්නිපිටිය යන ප්‍රදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථාන වලදී අයදුම්පත් නිකුත් කිරීම සිදු වෙයි.
මෙවර විභාගය නිශ්පාදන හා ඉදිකිරීම් යන ක්ෂේත්‍ර සඳහා පැවැත්වේ. මෙවර කොරියානු භාෂා ප්‍රවීනතා විභාගය පරිගණක ආශ්‍රිතව පැවැත්වෙන අතර, ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා මාර්තු මස 19 සිට මැයි 4 දින දක්වාත් නිශ්පාදන ක්ෂේත්‍රය සඳහා මැයි 25 සිට ඔක්තෝම්බර් 5 දක්වාත් පැවැත්වීමට නියමිතය.
වයස අවුරුදු 18 සිට 39 දක්වා ශ්‍රී ලාංකික පුද්ගලයින්ට විභාගය සඳහා අයදුම්කළ හැකිය. අයදුම්පත්‍ර පිරවීමට තමන්ගේ ගමන් බලපත්‍රය හා එහි පිටපතක්ද, සෙ.මි 3.5«4.5 ප්‍රමාණයේ ඡායාරූප 3ක් තිබිය යුතුවේ. අයදුම්පත්‍ර නොමිලේ නිකුත් කරන අතර, විභාග ගාස්තු ලෙස ඇමරිකන් ඩොලර් 24 හෙවත් ශ්‍රි ලංකා මුදලින් රුපියල් 3772.00 ගෙවිය යුතුවේ. කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සමත්වන අයදුම්කරුවන්ගේ නම වසර දෙකක කාලයක් කොරියානු රැකියා වෙබ් අඩවියේ වලංගුව පවතින බවද කාර්යංශය කියයි.
කොරියාවේ රැකි රක්ෂා හා කම්කරු අමාත්‍යංශයත් ශ්‍රී ලංකාවේ විදේශ රැකියා අමාත්‍යංශයත් අතර ඇති අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රී ලාංකිකයින්ට කොරියාවේ රැකියා අවස්ථා හිමිවන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය කොරියානු විභාගය පිළිබඳ අදහස් දක්වමින් පැවැසුවාය.
2025 නොවැම්බර් මස 04
738
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2395
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොරියන් භාෂා විභාග අයදුම්පත් සඳුදා සිට
Chamila Monday, 17 February 2020 05:29 AM
අයදුම්පත් ලබා ගන්නේ කොහොමද ?කොතනින්ද?
R. Harsha kumara Friday, 16 July 2021 10:00 PM
මගේ උපරිම කැපවීමෙන් සේවයේ යෙදීම
කේ එස් කුමාර Sunday, 15 August 2021 07:58 AM
මේ දවස් වල කොරියානු රැකියා අපේක්ෂිත විභාගයක් තිබේද, ඒ හා සම්බන්ද අලුත් තොරතුරක් වේ නම් දැන ගැනීමට කැමතියි, දිගු කලක් අසනීපව සිටි නිසා දැන ගැනිමට හැකියවක් නැති නිසා
Anjula ishan Monday, 27 September 2021 06:15 PM
මේ දවස්වල කොරියානු රැකියා අපේක්ෂිත විභාගය තිබේද තියනවානම් අයදුම් කරන්නේ කේසේද දැන ගැනීමට කැමති
Anjula ishan Monday, 27 September 2021 06:20 PM
මේ දිනවල විභාගය සදහා අයදුම් කල හැකියාව තිබේද තියනවානම් ඒ කේසේද
Thushan hashitha Thursday, 21 October 2021 05:16 PM
අනුරාධපුර කොහෙද ගන්ඩ තියෙන්නෙ
Renuka jayathilaka Sunday, 07 August 2022 02:01 PM
හැකි ඉක්මනින් කොරියන් භාෂාව ඉගෙන ගැනිමට කැමතියි.
Wd roshan dammika Sunday, 01 January 2023 11:19 AM
හොඳ අවස්ථාවක් රටේ තරුණයන්ට.