IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


‘කරාපිටියේ පිළිකා ඒකකයේ යන්ත්‍රයෙන් ප්‍රයෝජන ගෙන නෑ’

(සිරංගිකා ලොකුකරවිට)
 
ගාල්ල කරාපිටිය රෝහලේ පිළිකා ඒකකයට වසර දෙකහමාරකට පෙර ගෙන්වන ලද කෝටි 10 ක් පමණ වටිනා ලීනියා ඇක්සලරේටර් යන්ත්‍රයෙන් මෙතෙක් කිසිදු ප්‍රයෝජනයක් ගෙන නැතැයි ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී අනාවරණය විය.

එම කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා මේ පිළිබඳ විමසූ අවස්ථාවේ දී  පිළිතුරු දෙමින් ගාල්ල කරාපිටිය රෝහලේ නියෝජ්‍ය වෛද්‍ය සී.ඩී.පතිරණ මහතා පැවසුවේ යන්ත්‍රය ස්ථාපිත කිරීමේ කටයුතු කරගෙන යන බවයි. 
 
නමුත් යන්ත්‍රය මෙතෙක් භාවිතයට ගත නොහැකි වූ බව ද වෛද්‍ය පතිරණ මහතා කීවේය. 

“මෙම යන්ත්‍රය ඇතුළට ගැනීම සඳහා පිවිසුමක් සකස් කිරීමේ දී ඇතිවූ මතවාදයක් හේතුවෙන් යන්ත්‍රය සවිකිරීම ප්‍රමාද වූණා. එම ප්‍රශ්න විසඳා දැන් යන්ත්‍රය අදාළ ස්ථානයට ගෙන ආවා. දැන් ස්ථාපිත කිරීමේ කටයුතු කරගෙන යනවා“ යැයි ඒ මහතා පැවසීය.
 
සම්බන්ධීකරණ කමිටු සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා මෙසේ කීවේය.
 
රජය කෝටි ගණනක් වියදම් කරලා මෙවැනි අත්‍යාවශ්‍ය යන්ත්‍ර රෝහල්වලට දුන්නත් පරිපාලනයේ දුර්වලතා හේතුවෙන් අහිංසක රෝගීන්ට එවැනි යන්ත්‍ර වලින් ප්‍රයෝජන ගැනීමට තිබෙන අවස්ථාව අහිමි වෙනවා. මේ ගැන වහාම අවධානය යොමු කරලා එහි වැඩ අවසන් කළ යුතුයි.



අදහස් (0)

‘කරාපිටියේ පිළිකා ඒකකයේ යන්ත්‍රයෙන් ප්‍රයෝජන ගෙන නෑ’

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31633 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14055 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 177 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1106 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site