IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


කුරුණෑගලට උග්‍ර ජල හිඟයක්

(පුෂ්පකුමාර ජයරත්න)

දිගු කාලයක සිට පවතින වියළි කාලගුණය හේතුවෙන් කුරුණෑගල නගරය ඇතුඵ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක වෙසෙන ජනතාව මේ දිනවල උග්‍ර ජල හිඟයකට මුහුණ පා සිටිති.

කුරුණෑගල නගර සභා බල ප්‍රදේශයේ වෙසෙන ජනතාව මේ දිනවල උග්‍ර පානීය ජල අර්බුදයකට මුහුණපා සිටිති.

මීට බලපාන ප්‍රධානම හේතුව වන්නේ කුරුණෑගල නගරයට ජලය සැපයෙන ප්‍රධානම ජල මූලාශ්‍රය වන දැදුරු ඔයේ ජල මට්ටම මේ වනවිට වේගයෙන් පහළ  බැස තිබීම සහ තැම්පාන ජලාශය සිඳීයාම බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ කුරුණෑගල දිස්ත්‍රික් ඉංජිනේරු කුසල් මනම්පේරි මහතා ප්‍රකාශ කළේය.

දැදුරුඔය ජල පොම්පාගාරය අක්‍රීය වීමත් සමගම කුරුණෑගල වැවෙන් ජලය බෙදාහැරීම සිදුකරන බවද පවසන මනම්පේරි මහතා නියඟයත් සමග කුරුණෑගල වැවේ ජලපරිමාවද අඩුවෙමින් පවතින නිසා එහි ජලයද බෙදාහැරීමට ප්‍රමාණවත් වන්නේ දින 20ක් වැනි කාලයකට බවත් සඳහන් කළේය.

මේ අතර මගුරුඔය, මාඔය සහ මීඔයේද ජලය අඩුවීම හේතුවෙන් ජල සම්පාදන මණ්ඩලය මගින් පාලනය වන වාරියපොළ, ගිරිඋල්ල, පොල්ගහවෙල, නිකවැරටිය, පන්නල, අඹන්පොළ, ගල්ගමුව, මාවතගම, අලව්ව, රිදීගම ප්‍රදේශවලට බෙදාහැරෙන ජලය සීමා කිරීමට සිදුව ඇති බවද මනම්පේරි මහතා පැවසීය.

මේ නිසා කුරුණෑගල සහ ආශ්‍රිත ප්‍රදේශවල ඇතිවන ජල හිඟයට විසඳුමක් ලෙස විශාල වියදමක් දරා ආරම්භ කරන ලද කුරුණෑගල විසල් ජල සම්පාදන ක්‍රමයෙන් කිසිදු පලක්වී නැතැයිද ජනතාව චෝදනා කරති.



අදහස් (0)

කුරුණෑගලට උග්‍ර ජල හිඟයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site