(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා නාවික හමුදා වැලිසර කඳවුරු පරිශ්‍රයේ ඉදිකළ ‘කොමාන්ඩර් පරාක්‍රම සමරවීර’ අනුස්මරණ ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණය නාවික හමුදාධිපති සහ නාවික හමුදා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) විවෘත කළේය.
මෙම අවස්ථාවට කොමාන්ඩර් පරාක්‍රම සමරවීර මහතාගේ බිරිඳ සුදර්ශනී සමරවීර මහත්මිය විශේෂ ආරාධිතයෙක් ලෙස සහභාගි වූවාය.
මෙම ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේ වොලිබෝල්, පැසිපන්දු, බැඩ්මින්ටන්, දැල්පන්දු, කරාටේ, ජූඩෝ, ටයිකොන්ඩෝ, මල්ලවපොර, වූෂූ සහ කබඩි යන ක්‍රීඩා ඇතුළු ක්‍රීඩා රැසක් සඳහා පහසුකම් ඇති අතර එකවර විශාල ප්‍රේක්ෂක පිරිසකට තරග නැරඹීමේ පහසුකම් ද තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදා රග්බි කණ්ඩායමේ හිටපු නායකයකු වන කොමාන්ඩර් පරාක්‍රම සමරවීර මහතා 1996 වසරේ කොටි ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයකින් මියගියේය.
මෙම අවස්ථාවට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රුවන් පෙරේරා, අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු රියර් අද්මිරාල් රවී රණසිංහ, ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති සහ බටහිර නාවික විධානයේ අඥාපති රියර් අද්මිරාල් උපුල් ද සිල්වා, අධ්‍යක්ෂ ජෙනරාල් සේවා රියර් අද්මිරාල් සේනක සෙනවිරත්න, නාවික හමුදා වැඩ බලන අධ්‍යක්ෂ ක්‍රීඩා කපිතාන් ආර්.එස්.සී.ආර්. ෆොන්සේකා, කොමාන්ඩර් පරාක්‍රම සමරවීර මහතාගේ පුතුන් වන ලුතිනන් කොමාන්ඩර් වෛද්‍ය සමිත සමරවීර සහ ලුතිනන් කොමාන්ඩර් (සැපයුම්) භාතිය සමරවීර මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
‘කොමාන්ඩර් පරාක්‍රම සමරවීර’ අනුස්මරණ ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණය විවෘත කරයි